මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය සහ විදේශීය ගුවන් මගීන් සඳහා සෞඛය අමාත්‍යාංශය විසින් නිකුත් කළ

නව මාර්ගෝපදේශවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විරෝධය පළ කර තිබේ.

 
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ මෙරටින් පිටත සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ වාර්තාවල විශ්වසනීයත්වය සහ සත්‍ය අසත්‍ය භාවය තහවුරු කරගැනීමට විශ්වසනීය ක්‍රමයක් නොමැති බවයි.
 
එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන්නන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණාගාරය හදිසියේ ඉවත් කිරීම පිළිබඳව ඔවුන් විරෝධය පළ කර තිබේ.
 
විශාල මුදලක් වැය කරමින් මෙලෙස පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එන්නත් දෙකක් ලබාගත් සහ පැය හැත්තෑ දෙකක් තුළ පී.සී.ආර්. වාර්තාවක් මත පදනම් වෙමින් පැමිණෙන සංචාරකයින් නිදහස් කිරීම සෑම දෙනාම මවිතයට පත් කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
 
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ව්‍යාජ එන්නත් සහතික සහ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා ලංකාවේ පමණක් නොව සංවර්ධිත රටවලද වාර්තාවන බැවින් පී.සී.ආර්. පරික්ෂණ සඳහා ගුවන් තොටුපලේදී මගහැරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.
 
 
 
 
''ඊනියා විශේෂඥයින් වගකීම දැරිය යුතුයි'' 
 
 
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, ගුවන් මගීන් සහ සංචාරකයන් PCR පරීක්ෂාවකින් තොරව, රටට ඇතුලු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිටිහැටියේ ගනු ලැබූ තීරණය නිසා රටම අවධානමකට ලක් ව ඇති බවයි.
 
  
වසන්තය කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පැනික් වීම නිසා, නැවතත් වසංගත රැල්ලක් කැඳවීමේ අවධානමක් මතු වී තිබෙන බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් එම මාධ්‍ය හමුවේදී කියා සිටියි.
 
එංගලන්තය, ප්‍රංශය වගේ රටවල්වල තත්වය වැරදියට පෙන්නලා, ව්‍යපාරික වුවමණාවන් මත නැවත නැවත කොවිඩ් තීරණ ගැනීම හේතුවෙන් රටේ මහ ජනතතාව කැපවීමෙන් පාලනය කර ගත් වසංගතය යලි හිස එසවුවහොත්, තීරණ ගණු ලැබූ ඊනියා විශේෂඥයින් එහි වගකීම දැරිය යුතු බවද ඔහු අවදාරණය කර සිටියේය.
 

 

 

 


 

THE LEADER TV 
 
 
ජනාධිපති ගෝඨා ගැන පුතා කියපු කතාව!
 
 
පාස්කු ප්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image