එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුවන් 50කට වැඩි පිරිසක් ඊයේ (20) රාත්‍රී අමාත්‍ය සුජීව සේනසිංහගේ සොයුරියගේ කොළඹ 07, බර්න්ස් පෙදෙසේ නිවසට රැස්වී එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමග සුහඳ කතාබහක නිරතව ඇත. රාත්‍රී 7.00ට ආරම්භවූ මෙම සාදය මැදියම් රාත්‍රීය ද ඉක්මවා පැවතිබව වාර්තා වේ. 


කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර,මංගල සමරවීර, මලික් සමරවික්‍රම,  තලතා අතුකෝරල, ගයන්ත කරුණාතිලක, චන්ද්‍රානි බණ්ඩාර, මොහොමඩ් හලින්, මෙන්ම රිෂාඩ් බද්දුර්දින් යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණෙ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකට වාඩි වී සාකච්ඡා කර ඉක්මනින් තීරණයක් ගන්නා ලෙස ඉල්ලා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත බාරදුන් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඇතැම් මන්ත්‍රීවරුන් මෙහිදී දීර්ග වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.

පළාත් සභා මන්ත්‍රීවරු 123 න් 97 ක් සජිත්ට :

මේ අතර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක් ඊයේ (20) ඒකමතිකව යෝජනා කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමඟ පැවති මෙම සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 97 දෙනෙකුම සහභාගී වූ බව අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා නියෝජිතයන් අතර මෙම හමුව තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැතියේ එම රැස්වීමට සහභාගී නොවන ලෙස අගමැති කාර්යාලයෙන් අදාල පළාත් සභා නියෝජිතයින්ට දැනුම් දී සිටියදීය. 

කෙසේවුවද මෙහිදී එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉතා පහසුවෙන්ම ජයග්‍රණය කිරීමට හැකියාව පවතින බවයි.

මෙම විශේෂ සාකච්ජාව සඳහා තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියන්ද ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද හෙක්ටර් අප්පුහාමි, එස්.එම් මරික්කාර් සහ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිටියේය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්