ශ්‍රී ලංකාවේ ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියක වන චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ  (02) පෙරවරුවේ කොළඹ අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) කැඳවා තිබිණ.
 
ඇය පැවසුවේ දැනට අත්අඩංගුවේ සිටින කීර්ති රත්නායක නමැති මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේ දැයි ප්‍රශ්න කිරීම සඳහා තමන් කැඳවා තිබූ බවයි.
 
ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉවතට පැමිණ චූලපත්මේන්ද්‍ර මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා ය.
 
“මාව කැඳවා තිබුනේ කීර්ති රත්නායක මාධ්‍යවේදියා සමග කතා කළේ මොනවද කියල දැන ගන්න. අපි ආර්ටිස්ල හැටියට ඕනෑ තරම් මාධ්‍යවේදීන් සමග කතා කරනවා. ලංකාවෙ පමණක් නොවෙයි පිටරට අයත් එක්කත් කතා කරනවා. ඒව ගැන අපි වාර්තා තියාගන්නෙත් නෑ. 
 
කීර්ති රත්නායක මා එක්ක කතා කළේ රූ රැජින පැජෙන්ඩා එකේ සිද්ධ වෙච්චි දේ ගැන දැන ගන්න. අපි දන්නෙත් නැතිව තිබූ ඒකෙ ටිකට් මුද්‍රණයේ වංචාවක් ගැනත් කීර්ති හොයලා ලියලා තිබුනා. අපි ගෝඨාභය ජනාධිපති තුමාට ඡන්දය දුන්නෙ එක රටක් එක නීතියක් ගෙනෙයි කියලා. දැන් ඒක හීනයක්. මීට වඩා ඕනැ තරම් දේවල් තියෙනවා සීඅයිඩියට හොයන්න. මං දන්නෙ නෑ ජර්නලිස්ට් කෙනෙක් එක්ක කතා කළා කියලා ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ කියලා” යි චූලා පැවසුවා ය.
 
 
එල්ලුම්ගහ බලන්න ගිය කතාව ?
 
 
මේ අතර පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් පිළිබඳව ද මාධ්‍යවේදීහු ඇයගෙන් විමසා සිටියහ.
 
ප්‍රශ්නය : පහුගිය දවස් ටිකේ තුඩුදුන්න ප්‍රශ්නයක් තමයි ලොහාන් රත්වත්තේ ඇමතිතුමත් එක්ක සුරුපිනියක් එල්ලුම්ගහ බලන්න ගියා කියලා. ඒ ඔබ වෙන්න බැරිද ?
 
චූල්පත්මේන්ද්‍ර : අනේ නැහැ. මට එච්චරම මගේ මනස විකෘති නැහැ. රෑට බීලා මිනිස්සු මරණ තැනක් බලන්න යන්න. මම අනිවාර්යෙන් කියනවා මම නෙමෙයි ගියේ කියලා. ඔය මිනිස්ටර්ව මම දැකලවත් නැහැ. එයා කළු ද සුදු ද කියලා මම දැකලවත් නැහැ.
 
 
 
 
සේනක 
නීතිවේදී සේනක පෙරේරා
 
 
එම අවස්ථාවේ දී චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ ට නීති උපදෙස් දුන් සිරකරු අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ නීතිඥ සේනක පෙරේරා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
” අපිට පුදුම හිතෙනවා මේ කැඳවීම ගැන. මීට වඩා බරපතල අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. නමුත් ඒවා සම්බන්ධයෙන් ඉතාම නිහඬ පිළිවෙතක් තමයි අනුගමනය කරන්නෙ. ලොහාන් රත්වත්තෙ රාජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරයකට පැනලා සිරකරුවන්ට පිස්තෝලයක් එල්ල කරලා තර්ජනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. ඥානසාර කියන භික්ෂුවගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. 
 
නමුත් මේ වගේ උනන්දුවෙන් ඒ අය කැඳවලා අඩු ගානේ කට උත්තරයක් වත් අරන් නෑ. මහජන මුදලින් නඩත්තු වන මේ වගේ ආයතන මහජනයා වෙනුවෙන් කටයුතු නොකර දේශපාලනඥයන්ගෙ උවමනා වෙනුවෙන් කටයුතු කරනවා නම් ඉතාමත් බියකරු තත්ත්වයක් තමයි උද්ගත වෙන්නෙ.” යි නීතිඥ සේනක පෙරේරා පැවසීය.
 
 
සිංදු නඩු භාණ්ඩ කර ගත් අපරාධ පරීක්ෂනය:
 
 Thushari K
 
සමාජ ක්‍රියාකාරිනී තුෂාරි වන්නිආරච්චි
 
මෙම අවස්ථාවේ දී කීර්ති රත්නායකගේ අසල්වාසී මිතුරියක වන සමාජ ක්‍රියාකාරිනී තුෂාරි වන්නිආරච්චි ද අදහස් දැක්වූ අතර කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඇයගේ නිවස පරීක්ෂා කරමින් ප්‍රශ්න කිරීම් වලට ලක්කරමින් ඇයගේ ලැප්ටොප් පෙන් ඩ්‍රයිව් ආදිය අත් අඩංගුවට ගනිමින් රාජපක්ෂලාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයටද මහත් හිරිහැර කර තිබිණ. 
 
ඇය කියා සිටියේ තම සැමියාගේ ගීත 187 ක එකතුවත් තිබූ පෙන් ඩ්‍රයිව් එකක් සීඅයිඩිය භාරයට ගත් බවත් දැන් එය ‘නඩු භාණ්ඩයක්’ ලෙස තබා ගෙන සිටින බවත් ය.
 
 
මාධ්‍යවේදී කීර්ති රත්නායක 
 
 Untitledqq 1
 
මාධ්‍යවේදී කීර්ති රත්නායක 
 
 
චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ සඳහන් කරන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය ගෙන් ප්‍රශ්න කර ඇත්තේ, පසුගිය අගොස්තු මස 14දා අත්අඩංඟුව ගත් 'ශ්‍රී ලංකා ඊ නිව්ස්' හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදී කීර්ති රත්නායක හඳුනන්නේ කෙසේද කියාය.
 
මාධ්‍යවේදී කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමට හේතු වූයේ ඔහු විසින් කොළඹ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරිනියකට ඉන්දීය නිදහස් දිනයේ තලේබාන් අන්තවාදීන් අනුගමනය කරන පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි යනුවෙන් කළ දැනුම් දීමක් අනුව ඒ ගැන සෙවීමට කියා ය.
 
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂාව පිළිබඳව ඔහු ලබා දුන් තොරතුරුවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිසියෙන් කළ දැනුම්දීමකට අනුව කොල්ලුපිටිය පොලිසියට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නොනගා දැනට දින 50 ක් තිස්සේ රඳවාගෙන සිටියි. 
 
දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදියකු වන කීර්ති රත්යනායක හිටපු ගුවන් හමුදා හිටපු බුද්ධි නිලධාරියකු වේ.  මේවනවිට ඔහුට ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බවට නීතිඥ උපුල් කුමාරප්පෙරුම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
 
 
(පුවත් මුලාශ්‍රය - srilankabrief.org)
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
අං පාරේ දෙයියංගේ ජාතික ආරක්‍ෂාව ? 
 
 
රොකට් චිචීගේ පුසී හොයමු!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්