ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණය කිරීමට ගොස් තිබේ.
 
 
පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇතැයිද වාර්තා වේ.
 
මේ අතර ලංකා IOCහි නව නිෂ්පාදනයක් වන ‘Servo Pride ALT 15W- 40’ එළිදැක්වීමද අද සිදු කර තිබේ. ඊට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවට එක්වීමට ලැබීම සිය සතුටට කරුණක් බවය.
 
සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා හෙට (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. අනතුරුව ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමටද නියමිතය.
 
ඉන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා සහ මෙරට විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.
 
Mr. Harsh V Shringla 2021.10.03 4
 
ජාතික සම්පත් විකිණීමට එරෙහි වෘත්තීය සමිති සහ ජවිපෙ අතර හමුවක්
 
 
මේ අතර ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය ඊයේ (02) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක හමුවී සාකච්ඡාවක් සිදු කර තිබේ.
 
පසුගිය සැප්තැම්බර් මස 17 වන දින මධ්‍යම රාත්‍රියේ විදුලිබල ක්ෂේත්‍රයට බලපෑ කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට විකිණීම, වරාය සතු අක්කර 13ක ඉඩම හා සේවාවන් විකිණීමට අදාළ තීරණ, ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ අනෙක් පාර්ශවය වන ඛනිජ තෙල් සම්පත පිළිබඳව ගිනිමින් සිටින අදූරදර්ශී රටට අහිතකර තිරණයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.
 
එම සාකච්ඡාව සඳහා තෙල්, වරාය, විදුලි සේවක වෘත්තීය සමිති නායකයින් එක්වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට අමතරව දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්තිද එක්වී ඇත.
 
 

Mr. Harsh V Shringla 2021.10.03 3

 


 

 
THE LEADER TV 
 
 
 
අං පාරේ දෙයියංගේ ජාතික ආරක්‍ෂාව ? 
 
 
 
රොකට් චිචීගේ පුසී හොයමු!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්