ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පිනියක වූ සමන්තා ඈපාසිංහ කොවිඞ් ආසාදිතව ඊයේ (03දා) අභාවප්‍රාප්ත වූවාය.
 
54 වෙනි වියේ පසු වූ සමන්තා, එසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ කොවිඞ් ආසාදිතව හොරණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. 
 
පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඉගෙනුම ලැබූ සමන්තා ඈපාසිංහ, දයාසේන ලියනගේ ගේ මුහුද මුද්‍රා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළ අතර ලූෂන් බුලත්සිංහල හා බන්දුල විතානගේ ආදීන් විසින් ඇය පුංචි තිරයට එක් කළහ. 
 
මවකගේ හීනය, අසල්වැසියන්ගේ සෙනෙහෙබර ඩොලී, නොමරෙන මිනිස්සු, යතුරු ලේඛිකාවක් වැනි ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑ සමන්තා වලව්වේ හාමු, කෙළිමඬල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, තුන්වෙනි ඇහැ, ලොකු දුව, ඇයි ඔබ තනිවෙලා ඇතුළු චිත්‍රපට ගණනාවක ද රඟපෑවාය. 
 
'රජෙක් වගේ පුතෙක්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස ඇය සරසවි සම්මානය පිදුම් ලැබුවාය. 
 
කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය හෙයින් ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ය.
 
අනතුරුව දිගටම ශ්‍රී ලංකාවෙහි රැඳුණු ඇය ජීවත් වූයේ ඇයගේ මව සමගිනි.
 
මියගිය සමන්තාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුව සිදු වී ඇති බව වාර්තාවේ. 
 
 
 ''වගකියන කිසිවකු නැත''
 
main large 2 
 
සමන්තා ඈපාසිංහ ගේ අභාවය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති mirrorarts.lk කතුවරිය, මනෝහාරී හේවාවසම් මෙසේ පවසයි. 
 
''සමන්තා ඈපාසිංහ  ලුෂන් බුලත්සිංහලගේ 'යතුරු ලේඛිකාවක්' ටෙලි නාට්‍යයෙන් ටෙලිවිෂන් රංගනය ට එක්වු  දක්ෂ රංගන ශිල්පිණියක්. ඇය  අසල්වසියෝහි  කුමාරි  යන චරිතයෙන් වඩාත් ජනප්‍රිය විය.
 
විවිධ  චරිතවලට පනපෙවු සමන්තා සිනමාවේ වැඩිහිටියන්ට පමණයි ලේබලයේ රැල්ලට තැනු චිත්‍රපටවල රංගනයට එක්වීමෙන් පසු සමන්තාගේ රංගන ජීවිතය ට ත් පෞද්ගලික ජීවිතයත් බලපෑම් ඇතිවිය.
 
 
සමන්තා  පමණක් නොව අද ජීවත් වෙන සිනමාවේ සිටි සමහර රංගන ශිල්පිනියන්ගේ ජිවිත ඛේදවාචක බවට  පත්වුයේ එවැනි කසිකබල් වැඩිහිටි චිත්‍රපට නිසාය. අද ඒ ජීවිතවලට වගකියන  කිසිවකු නැත.
 
 
සමන්තා  දක්ෂ රංගන ශිල්පිනියකි ...
 
ඇයගේ නික්මයාම පිලිබඳ මෙන්ම ඇය රංගන ශිල්පිනියක ලෙස මුහුණ දුන් ජීවිතය පිළිබඳව ද මම පෞද්ගලිකව කනගාටු වෙමි.
 
ඇයට සැනසීම ලැබේවා !
 
 
 
සබැඳි පුවත් 
 
 
 
 
 
 
THE LEADER TV 
 
චන්ද්‍රිකාව හොයං ගිය පූසී 
 
 
අං පාරේ දෙයියංගේ ජාතික ආරක්‍ෂාව ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්