2015 දි මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලන ආණ්ඩුව පත් කළ ආකාරයේ ම කුමන්ත්‍රණයක් ආණ්ඩුවට එරෙහිව දියත් වෙමින් පවතින බව
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අනාවරණය කර සිටියි.
 
ඔහු එබව කියා සිටියේ මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ “ඔබට අයවැයෙන්“ වැඩසටහන සදහා එක්වෙමිනි.
 
රැස්වීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.
 
''ආණ්ඩුවට අද බොහෝදෙනා චෝදනා කරනවා. මේ චෝදනා කරන්නේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම සදහායි. ඒවායේ කිසිම පදනමක් නෑ. 2015 දි මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේත් මෙවැනි ම කුමන්ත්‍රණයක් හරහායි. '' යයි ඇමතිවරයා එහිදී කියා සිටියේය.
 
  
සංචාරක ඇමතිවරයා සිහිපත් කරන 2015 ආණ්ඩු පෙරලිය සිදුවුයේ එවකට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව පොදු විපක්ෂයට එක්වීමත් සමගය. 
 
 
''අද ගෝඨාභය, මහින්ද ආණ්ඩුව පෙරළා දැමීම සදහා ජනතාව තුල බොරු වපුරමින් විපක්ෂය එම කුමන්ත්‍රණයේ ම යළි යෙදී සිටිනවා. විපක්ෂයේ කුමන්ත්‍රණවලටත්, චෝදනා වලටත් මුහුණ දෙන්න අපි ලෑස්තියි.'' සංචාරක ඇමතිවරයා මෙම රැස්වීමේදී අවදාරණය කර සිටියේය.
 
ඇමති ප්‍රසන්න රණතුංග මෙහිදි සදහන් කළේ ආණ්ඩුවට එල්ල වි ඇති චෝදනා මුළුමනින් ම පදනම් විරහිත බවයි. 
 
විපක්ෂයේ ඇතැමුන් ආණ්ඩුවට එරෙහිව හිතාමාතාම බොරු චෝදනා නගන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය.
 
“අද අපිට ජනාධිපති බලය, පාර්ලිමේන්තු බලය සහ පළාත් පාලන බලය තුනම තිබෙනවා. ආණ්ඩුව වැඩ කරන්නේ සංවිධානාත්මකව, බුද්ධිමත්ව හා සැලසුම් සහගතවයි.  ආණ්ඩුවට අප්‍රසාදයට ලක්කරන්න විපක්ෂය විවිධ කුමන්ත්‍රණ කරනවා. හේතුවිරහිතව, ප්‍රෝඩාකාරිව විපක්ෂය විසින් කරන කුමන්ත්‍රණ වලට අපේ පාක්ෂිකයන් අහුවෙන්නේ නෑ. 
 
අද ඇතැම් සමාජ මාධ්‍ය හැසිරෙන්නේ බොරුව උළුප්පන දේ ප්‍රචාරය කරන්න. මොන ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව සංවර්ධන වැඩ අතාරින්නේත් නෑ, ජනතාව ආරක්ෂා කරන වැඩේ අතාරින්නේත් නෑ. අපි හැමවිටම ජනතාවට ප්‍රමුඛතාව දෙනවා. ඒ නිසයි කොවිඩ් පාලනය කිරීම සදහා ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නේ.
 
  
 ''මහජන මන්ත්‍රීවරුන්ගේ කීර්තීනාමය කෙලෙසලා තිබ්බ වෙලාවක මන්ත්‍රීවරයාට ගරුත්වයක් ලැබෙන විදිහට වැඩ කරන්න හයිය දෙන වැඩසටහනකුයි මේ. එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 1000 බැගින්, පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 200 බැගින්, පළාත් පාලන මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 40 බැගින් , එක ඡන්ද කොට්ඨාසයකට ලක්ෂ 30 බැගින් මේ යටතේ සංවර්ධනයට මුදල් ලැබෙනවා.''
 
 
නොවැම්බර් මාසයේ මුල දී රටට ඉදිරිපත් කරන අපේ ආණ්ඩුවේ අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙනවා. 
 
කවුරු මොන චෝදනා කළත් ආණ්ඩුව ඉදිරියට තැබු පය ආපසු ගන්නේ නෑ. අප කෙරෙහි විශ්වාසය තැබු ජනතාව වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරනවා. ජනතාවට ලබාදුන් පොරොන්දු අබමල් රේණුවකින් හෝ කඩන්න අපි සුදානම් නෑ. '' සංචාරක ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
මෙම රැස්වීමේ දි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ජගත් කුමාර, මධුරවිතානගේ යන මහජන නියෝජිතයි සහභාගී වී සිටියේය.
 

THE LEADER TV 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
චන්ද්‍රිකාව හොයං ගිය පූසී 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්