ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික

තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්  පවසයි.

 
ශ්‍රී ලංකාවේ මහජන අයිතිය සඳහා වන සන්ධිස්ථානයක් ලෙස සැලකෙන තොරතුරු දැනගැනීමේ පනත (RTI) පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද්දේ  2016 අගෝස්තු 4 වැනිදාය.
 
  
ගතවූ පස් අවුරුද්ද තුල RTI කොමිසම විසින් තොරතුරු දැනගැනීම සඳහා කරන ලද ඉල්ලීම් 5000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ අභියාචනා විමර්ශනය කර ඇත. 
 
පළමු කොමිසම සඳහා පත් කරගන්නා ලද සභාපති මහින්ද ගම්මන්පිල, අධිනීතිඥවරුන් වන කිශාලි පින්ටෝ-ජයවර්ධන සහ එස් ජී පුංචිහේවා  ධුර කාලය නිමා වීමෙන් පසුව ඉල්ලා අස්වීමට නියමිතය. 
 
හිටපු විනිසුරු රෝහිණී වල්ගම සහ ආචාර්ය සෙලවී තිරුචන්ද්‍රන් මීට ඉහතදී සිය ඉල්ලා අස්වීම් ලිපි යවා තිබේ. 
 
ඒ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, කර්තෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ මහ  ලේකම් ධම්මික දසනායක පවසන්නේ.
 
මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාර්ගගත ක්‍රමයට (Online) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය.
 
එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්  සහභාගී වී තිබේ.
 
නාමයෝජනා කැඳවීම සදහා භාෂා ත්‍රිත්වයෙන් සති අන්තයේ සහ සතියේ දිනවල පුවත්පත් දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමට සහ එවැනි නාම යෝජනා ඉදිරිපත් කිරීමට සති 2 ක කාලයක් ලබා දීමටත් පාර්ලිමේන්තු සභාව මෙහිදී තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
 
 
 
 
THE LEADER TV 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
චන්ද්‍රිකාව හොයං ගිය පූසී 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image