පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව සාක්කි තිබෙනවා නම් නඩු පවරන්නැයි ද සාක්කි නැතිනම් නිදහස් කරන්නැයි ද
හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
මෙය එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නොව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් බැවින් මේ සම්බන්ධව හරියට ක්‍රියා නොකළොත් ඊළඟ වාරයේ වරප්‍රසාද කැඩී යාමේ අවදානම සියලුම මන්ත්‍රීවරුන්ට තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන්ට විරුද්ධව නඩු පවරා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ, මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන් සියලු දේ හොඳින් කළ අතර ඔවුන් වගකීම් පැහැර හැරියා යැයි කිව නොහැකි බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් රනිල් වික්‍රමසිංහ මේ බව කීය.
නවුෆර් මව්ලවී ඇතුළු 24කට අධිකරණය හමුවේ අධිචෝදනා
2019 අප්‍රේල් 21 වැනිදා දිවයිනේ පිහිටි කතෝලික දේවස්ථාන හා තරු පහේ සංචාරක හෝටල් ඉලක්ක කර මුස්ලිම් ත්රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති පවරා තිබූ නඩුවේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව අද අධිචෝදනා භාර දුන්නේ ය.
අධිචෝදනා 23,270 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා, නවරත්න මාරසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබී ය.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබූ නමුත් 15 වන විත්තිකරු කොරෝනා රෝගයට ගොදුරු වී සිටීම නිසා ඔහු හැර සෙසු විත්තිකරුවන් 24 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණ.
අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන් 24 දෙනා අතරින් 12 දෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටි අතර තමන් වෙනුවෙන් නඩුවට පෙනී සිටීම සඳහා දෙමළ භාෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති නීතිඥවරුන් පත් කරන ලෙස සෙසු විත්තිකරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
තමුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය ඇතුළු ලේඛන ද්‍රවිඩ පාර්ශවයට ලබා දීමට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙස විත්තිකරුවන් 18 දෙනෙක් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එම නඩුවේ 25 වැනි විත්තිකරු එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම අධිචෝදනා පත්‍රය ඉංග්‍රිසි භාෂාවෙන් ලබා දීමට නියෝගයක් කරන ලෙසයි.
රජයේ වියදමින් නීතිඥවරුන් පත් කරන ලෙස ඉල්ලා සිටි විත්තිකරුවන් අතරින් 10 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ද්‍රවිඩ භාෂාව හා සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් ඇති නීතිඥවරුන් නම් කරන ලෙස දන්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත අධිකරණය එහිදී නියෝගයක් නිකුත් කළේ ය.
එම අධිකරණ පත්‍රය සහ ඇමුණුම් කළ පිටපතක් තමන්ට ලබා දෙන ලෙසට නියෝගයක් කරන්නැයි, අගතියට පත් පාර්ශවය නියෝජනය කරන අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
රටේ ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවයට හානි වන අන්දමින් කටයුතු කරන ඕනෑම අයෙකු තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර සමාරම්භක දේශනය පවත්වමින් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නා ය.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් තොර රටක් බවට පත් කිරීම සිය දෙපාර්තමේන්තුවේ ඒකායන අදිටන බව ද එහිදී අධිකරණයට පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, 30 වසරක යුද සාපයෙන් රට ගළවා ගෙන රට තුළ ජාතික හා ආගමික සංහිඳියාව ඇති කරමින් සිටි වකවානුවක අන්තවාදීන් පිරිසක් එල්ල කල ම්ලේච්ජ බෝම්බ ප්‍රහාර නිසා ජාතික සමගිය යම් තරමකින් හෝ බිඳ වැටීමක් සිදු වී ඇතැයි අධිකරණයට පෙන්වා දුන්නා.
මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 23270 ක් වැනි ප්‍රමාණයක් ගොනු කරමින් නඩු පැවරීමේදී තම දෙපාර්තමේන්තුව පෙර කී කරුණු කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන් අතර එම නඩුව ලබන නොවැම්බර් 23 වනදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.
THE LEADER TV
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්!
චන්ද්‍රිකාව හොයං ගිය පූසී