ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙලන, ඇමරිකානු 'නිව් ෆෝට්‍රස් එනර්ජි' ගිවිසුම

මුළුමනින්ම පරාජය කලයුතු බව 43 සේනාංකයේ ඉංජිනේරු සංසදය අවදාරණය කර සිටියි. 

 
යුගදනවි ගිවිසුම පිළිබඳව තම මතය ප්‍රකාශ කිරීම සඳහා 43 සේනාංකයේ ඉංජිනේරු සංසදය විසින් අද (04) දින සංවිධානය කර තිබු මාධ්‍ය හමුව අමතමින් එබව කියා සිටියේ, එම සංසදයේ කැඳවුම්කරු සුරත් සෙනෙවිරත්න යි.
 
“මේ ගිවිසුම ගැන අධ්‍යයනය කරහම අපිට කාරණා තුනක් ඉස්මතු වෙනවා. එකක් තමයි කෙරවලපිටියේ යුගදනවි බලාගාරය විකිණීම. දෙවෙනි එක පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය සහ නල පද්ධතිය ගොඩනැගීමේ කොන්තාත්තුව. තුන්වෙනි එක ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව වසර පහකට ලබා දීම.” මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංකයේ ඉංජිනේරු සංසදයේ කැඳවුම්කරු සුරත් සෙනෙවිරත්න තවදුරටත් මෙසේද සඳහන් කළේය.
 
මේ කාරණා තුනේදී ම අසන්නට ලැබෙන්නේ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි  නම් සමාගමේ නම ය. එහි තේරුම අදාළ කාරණා තුනම ක්‍රියාත්මක වන්නේ ඉහත කී සමාගම සමගය. 
  
 
යුග දනවි බලාගාරය 2006 දී ආරම්භ කොට 2010 තුන්වෙනි අදියරත් නිම කොට මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුතුව විදුලි ජනනය කරන බලාගාරයකි. 2022 මාර්තු වන විට සියලු ණය වාරික ගෙවා අවසන්ව ලාභ ඉපැයූ ආයතනයකි. දැන් ඒ ලාභ ලබන ආයතනයේ ලබන මාර්තු මාසය වන විට ගෙවීමට ඇත්තේ තවත් මිලියන 14 ක මුදලක් පමණි. මිලියන 250 කට රාජ්‍ය කොටස් ප්‍රමාණයෙන් 40% ක ප්‍රමාණයක් ලබා දීමට සූදානම් වන්නේ මෙකී ලාභ ලබන ආයතනයෙනි.
 
  
 “මූලිකවම සිද්ධ වෙන දේ තමයි මේ රජය බලයට පත් වෙන්නෙම කිසිම ආකාරයකින් පෞද්ගලීකරණය කරන්නට යන්නේ නැහැ. රාජ්‍ය සම්පත් විකුණන් නැහැ කියලා. නමුත් ඒ රාජ්‍ය සම්පත් විකිණීම කියන දේ මෙතනදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලාභ ලබන රාජ්‍ය ආයතනයක් විකිණීම හරහා.”
 
දෙවැනි කරුණ වන්නේ පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම සහ නල පද්ධතිය ඉදිකිරීම ය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සහ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවරුන් එක් වී වසරක් පමණ වෙහෙසී ටෙන්ඩර් පත්‍රිකාවක් සකස් කොට මේ ක්‍රියාවලීන් දෙක සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේය.
 
 
 
''මී කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි ''
 
ssere
 
“අවාසනාවකට ටෙන්ඩර් කරලා ලංසු තිබ්බට පස්සේ තමන්ගේ ලංසුව ඉදිරිපත් කරාටත් පස්සේ ලංසු ඉදිරිපත් නොකරපු වෙනම ඒ කියන්නේ ඇමරිකාවේ මේ කියන සමාගමට මේක පවරන්ට යනවා.  අඩු මුදලකට. එතන කාරණය වෙන්නේ, ඔවුන් මේ අඩු මුදලට, ඒ කියන්නේ අඩුම ලංසුව හිමි, ලැබුණු මුදලටත් වඩා අඩු මුදලකට මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ අර ගමේ භාෂාවෙන් කියනවා නම් අර මී කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියන සිද්ධාන්තය උඩම තමයි. '' - සුරත් සෙනෙවිරත්න
 
 
මොකද මේ සමඟම ඔවුන්ට ලැබෙනවා අවුරුදු පහක් යනතුරු ලංකාවට ස්වභාවික ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුවක්. ඒක කිසිම ආකාරයකින් ටෙන්ඩර් කෝල් කිරීමකින් තොරවයි ඔවුන්ට ඒක ලැබෙන්නේ. ඒ කියන්නේ අඩුම ලංසුවකට යෑමක් කියලා කතාවක් නෑ. ඔවුන්ට කෙලින්ම ටෙන්ඩර් කෝල් කරන්නේ නැතුව මේක ලබා දෙන්න සූදානම් වෙනවා.”
 
ගබඩා සංකීර්ණය ඉදිකිරීම සහ නළ පද්ධතිය ඉදිකිරීම කියන කාරණයේදී ටෙන්ඩර් එකෙන් පිට මෙහෙම දුන්නහම, ඇත්තටම සිද්ධ වෙන දේ තමයි ජාත්‍යන්තරව අපිව විශ්වාස නොකරන තත්ත්වෙට පත්වෙනවා. මේ ලංසු ඉදිරිපත් කරන අය. මොකද එහෙම ඉදිරිපත් කලාට වැඩක් නෑ. රජයට ඕන කෙනාට තමයි අවසාන වශයෙන් ලබාදෙන්නේ.''
 
 
”ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව යන කාරණයේ දී 95% ක්ම මුදල් ගැවසෙන්නේ මේ ස්ථානයේ දීය. මෙම ගිවිසුම  කොන්ත්‍රාත්කරු සහ රජය අතර “වින් වින්” ක්‍රමයකට අත්සන් කළ යුතු වුවත්, එය සිදුවන්නේ හැම මොහොතකම රජයට අලාභ වන සිද්ධාන්තයක් යටතේ ය.  
 
  
“ඒ කියන්නේ දැන් අපිට අවශ්‍යතාවය මිලියන එකොළහයි. අපි මිලියන විසි තුනකට ගෙවන්න ඕනේ. අපි ගෑස් ගත්තත් නැතත් මේ මිලියන විසිතුනට ගෙවන්න ඕනේ. නමුත් අපේ රට ගත්තහම අපි ගොඩක් වෙලාවට දුවන්නේ වලින්. ජල විදුලියෙන්. ඒ ජල විදුලිය උච්ඡාවචනය වෙනවා. ඒ කියන්නේ සමහර අවුරුදු වලදී අපි 60% ක් විතර විදුලි බලය නිෂ්පාදනය කරන්නේ ජල විදුලියෙන්.. 
 
එතකොට අන්න ඒ උච්චාවචනය වෙන එක දිහා බලාගෙන තමයි අපි මේ ගිවිසුම්ගත වෙන්න ඕනේ. එහෙම නැතුව අපේ සැපයුම්කරුට ඕන විදිහට විශාල ප්‍රමාණයක් මිලදී ගන්නට ගියොත් ඔය කියන සිද්ධාන්ත යටතේ අපිට වෙන්නේ මේ විදුලි බලය මිලදී ගැනීමේ කාරණය හින්දා රට තව දුරටත් බංකොලොත් වීම.” යනුවෙන් ඉංජිනේරු සුරත් සෙනවිරත්න මහතා අවධාරණය කළේය.
 
 cghgfh
මහාචාර්ය අනුර විජේපාල
 
  
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනුර විජේපාල සඳහන් කළේ, යුගදනවි සිදුවීම සම්බන්ධයෙන් තමන් දකින්නේ කාලයක් තිස්සේ කරගෙන යන වැරදි නැවත නැවතත් කිරීමක් වශයෙන් බවය.
 
 “උදාහරණයක් විදිහට අපි ගමු. 2007 හෙජින් ඩීල් එක. අන්තිමට මොකද වුණේ?  බිලියන 13 ක් බැංකුවලට ගෙව්වා. තවත් ඇමරිකන් ඩොලර් මිලියන 8ක එකක් යනවා. දැන් අවුරුදු එකොළහක්, දොළහක් ගිහිල්ලා. 
 
ඊට අමතරව 2015 දි 2009-2015 කාලය ඇතුළතදී කේ. එල්. එස්. එනර්ජි කියන ආයතනයට මෙගාවොට් 35 ක පවර් ප්ලාන්ට් එකක් දෙන්න කියලා කැබිනට් ඩිෂිසන්ස් හතරක් පහක් ගත්තා. අරගෙන එනර්ජි පර්මිට් එකකුත් ඉෂූ කළා. 
 
අද මොකද වෙලා තියෙන්නේ? මේ කැබිනට් ඩිෂිසන්ස් සහ එනර්ජි පර්මිට් එක පාවිච්චි කරලා මේ ආයතනය අපේ ආණ්ඩුවට විරුද්ධව ඇමරිකන් ඩොලර් මිලියන 160 ක වන්දියක් ඉල්ලලා තියෙනවා,”
 
මෙය බේරාගැනීම සඳහා නීතිපතිවරයා විසින් මේ දිනවල විශේෂයෙන් වෙහෙස වී කටයුතු කරයි. අපි දැන් මේ මොහොතේ සිදු කරන කැබිනට් තීරණ සහ ගිවිසුම් හේතුවෙන් අනාගතයේ දවසක අවුරුදු කිහිපයකින් බරපතල ගැටළුවලට අපට මුහුණ දීමට සිදුවිය හැකි බව මහාචාර්යවරයා අනතුරු අඟවයි.
 
 
43 සේනාංකයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉංජිනේරු අමිල ප්‍රියන්ත ගොඩේගම ද මෙහිදී අදහස් දැක්වීය.
 
gjhfghfgh
 
“අපේ බලශක්ති ක්ෂේත්‍රය ගත්තහම ඇත්තටම රටේ රුධිරය වගේ දෙයක් තමයි අපේ බලශක්තිය කියන්නේ. මොකද අපේ හැම රටේ හැම ක්‍රියාවලියකටම මේක අපිට බලපානවා. අපේ තෙල් ටැංකි ටික ගත්තොත් එහෙම ඉන්දියාවත් එක්ක අපි යම්කිසි එකඟතාවයකට පත්වෙලා IOC සමාගමත් එක්ක යම්කිසි ඇග්‍රිමන්ට් එකක ඉන්නවා. 
 
ඊයේ නැත්නම් පෙරේදා ඉන්දියාවේ ඇමතිවරයෙක් ලංකාවට පැමිණියා. ඔහු ඉස්සෙල්ලාම දෙවෙනි දවසෙම ගියේ අපේ තෙල් ටැංකි නිරීක්ෂණයට. ඉතින් ඒ අනුව අපේ ස්වභාවික සම්පත් සහ ක්ෂේත්‍රය නැත්නම් බලශක්ති ක්ෂේත්‍රයේ විශාල තර්ජනයක සහ විශාල අර්බුදයක තිබෙනවා.”
 
“ඇත්තටම රටක් විදියට ගත්තොත් අපි දන්නවා මේ එල්. එන්. ජී. පාවිච්චි කරන එක පරිසර හිතකාමී වැඩපිළිවෙලක්. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක අපි කල යුත්තේ රටේ අපි සකස් කරගෙන තියෙන අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව, ඇත්තටම 2019 අපේ බලශක්ති ප්‍රතිපත්තියක් අපි අනුමත කරගත්තා. 
 
ඒ අනුව අපි කටයුතු කරනවා කියලා. ඊට අමතරව,  මේ රජයේ  බලාපොරොත්තුවක් තියෙනවා. 70% ක රිනීවබල් එනර්ජි වලට යනවා කියලා. ඊට අමතරව, මන්නාරමේ තියෙන අපේ තෙල් නිධිවල ඒ කැනීම් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ සම්පූර්ණ ක්‍රියාවලිය එකකට එකක් පරස්පර නැත්නම් තාක්ෂණික වශයෙන් සම්බන්ධ නොවන ක්‍රියාවලියක තමයි අපි මේ යන්නේ. 
 
 
ඉතින් අපි විශේෂයෙන්ම මේ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ බලශක්තිය කියන එක අපේ රටේ විශේෂයෙන්ම අපේ ආර්ථික වැඩ වලට නැත්නම් හැමදේටම බලපාන අත්‍යාවශ්‍යම දෙයක් නිසා මේක අපේ අතේ තියාගන්න ඕනේ. ඇත්තටම කියනවනම් මේ අපේ බලශක්ති ප්‍රතිපත්තිය අනුව, රටේ  එල්. එන්. ජී. බලශක්ති සැපයුම අපි රජයෙන් පිට දෙන්නෑ කියන තැනකට අපි එකඟ වෙලා තියෙනවා 2019. ඉතින් අපි දැන් ඒක එතනින් එහා ගිහිල්ලා තමයි මේ බලශක්තිය වෙනත් ඇමරිකාවේ සමාගමකට දෙන්න යෝජනා කරන්නෙ. 
 
  
මෙතනදි තියෙන ප්‍රශ්නය තමයි මේ යුගදනවි බලාගාරය තවත් මෙගාවොට් 310 ක් පමණ වුණාට මෙතනින් එහා පැත්තෙ තව යෝජනා කරලා තියෙනවා තව මෙගාවොට් 350 ක පමණ බලාගාරයක්. එතකොට ඒ දෙකටම එල්. එන්. ජී. සැපයීමේ කොන්ත්‍රාත්තුව මෙම සමාගමට අයත් වෙනවා. 
 
ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නේ අපිට අනාගතයේදී මේ කැළණිතිස්ස බලාගාරයත් අපිට මේ එල්. එන්. ජී. වලින් දුවා ගන්න විදිහට අපිට මේක හදාගන්න ඕනකමක් තියෙනවා. 
 
එතකොට තමයි අපි අඩු මුදලට පාරිභෝගිකයාට මේ විදුලිය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට කාලයක් මෙම සමාගමත් එක්ක අපි ගිවිසුම් ගත වෙලා ගියාට පස්සේ අපිට වෙනත් ටෙන්ඩරයක් කැඳවා හෝ මේ කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය සැපයුම ලබා ගැනීමත් අපිට මේ සමාගම මත්තෙම ඉන්ඩ යැපෙන්න සිදුවෙනවා කියන එක අපිට මේක විශ්ලේෂණය කිරීමේදී අපිට පෙනී යනවා. 
 
ඉතින් අපි 43 සේනාංකයේ ඉංජිනේරු සංසදය විදිහට සහ මේ රටේ සම්පත්, අනාගත පරපුරට පාවිච්චි කරලා, ඉතුරු කරලා භාරදීමේ වගකීමේ ඉන්න කණ්ඩායමක් විදිහට, රටේ වගකිවයුතු පුරවැසියන් විදිහට අපි යෝජනා කරන්නේ රටට සහ අනාගත පරපුරට අවාසියක් නොවන විදිහට කටයුතු කරන ලෙසයි.”
 

 
 
මෙම ගිවිසුමට අදාල ව ඇමරිකානු 'නිව් ෆෝට්‍රස් එනර්ජි' සමාගමේ ලියකියවිලි සැකසීම සිදුකරන මෙරට නීති උපදේසක සමාගමේ ප්‍රධානිය ජනාධිපති කාර්යාලයේ ඉහල නිලධාරියකුගේ හිතවතියක් වීමද මෙහිදී සැලකිල්ලට ගතයුතු කාරණයකි.
 
 
  
සබැඳි පුවත් :

 


 

THE LEADER TV 
 
 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
 
චන්ද්‍රිකාව හොයං ගිය පූසී 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්