අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම් තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
 
මියගිය තරුණයා ඇතුළු දෙදෙනකු 2021 ඔක්තෝබර් 1 වැනිදා මන්නාරම පොලීසිය විසින් එරුකලම්පිට්ටු, පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව මතයි.
 
අත්අඩංගුවට ගත් එක් තරුණයකු  ඔක්තෝබර් 2 දා අළුයම මන්නාරම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
එලෙස මිය ගොස් ඇත්තේ එරුකලම්පිට්ටු දර්ගා නගරයේ පදිංචි 29 වියැති සම්සුදීන් මොහොමඩ් රම්සාන් ය.
 
මිය ගිය මොහොමඩ් රම්සාන්ට කිසිදු රෝගාබාධයක් නොපැවැතිය බව පවසන ඔහුගේ පවුලේ ඥාතීන් මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය විසින් ඔහුට පහර දී ඝාතනය කරන්නට ඇති බවට සැක කෙරෙන බවයි.
 
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
 
 
AddText 06 03 06.25.29 696x444
                          21 වියැති චන්ද්‍රන් විදූෂන්
 
 
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා පිට පොලිසියට රැගෙන ගිය මඩකලපුවේ තරුණයෙක්ද පසුගිය ජුනි මාසයේදී අමානුෂික ලෙස පහරකෑමෙන් පසුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් තිබුනි.
 
එලෙස මියගොස් තිබුනේ 21 වියැති චන්ද්‍රන් විදූෂන් තරුණයාය.
 
ඔහුගේ මරණය සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා සිරුර ගොඩ ගෙන පේරාදෙනියට යවා තිබුනත් එහි වාර්තාව මේ වන තෙක් නිකුත් වු බවක් දැනගන්නට නැත.
 
ඔක්තෝබර් 2 සිදුවු සම්සුදීන් මොහොමඩ් රම්සාන්  මරණය, වසරක් වැනි කෙටි කාලයක් තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ 12 වැනි මරණය ලෙස සැලකේ.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRSCL) විසින් පසුගිය වසරේ නිවේදනය කර සිටියේ, 2020 මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ අවම වශයෙන්, පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ මරණ අටක් වාර්තා වී ඇති බවයි.
 
පසුගිය මැයි මාසය තුළ, තරුණයන් දෙදෙනකු දින දෙකක් ඇතුළත පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
 
 

සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්