1200 x 80 DMirror
 
 

රසායනික පොහොර ගෙන්වීමට අවසර දිය යුතුද නැද්ද යන්න ගැන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර රහස් ඡන්දයක් පවත්වන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර
ආණ්ඩුවට අභියෝග කර සිටියි.
 
රහස් ඡන්දයක් තිබුවහොත් රසායනික පොහොර ගෙන්වීමට තුනෙන් දෙකක කැමැත්තක් හිමිවන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
 
''පොහොර ප්‍රශ්ණය නිසා ගොවියා අසරණ වෙලා. කන්න බොන්න බැරි තත්වයකට ඔවුන් ඇදගෙන වැටෙනවා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඵලදායිතාවය වැටෙනවා. 
 
පොහොර අවශ්‍යද නැද්ද කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු අතරේ රහස් ඡන්දයක් තියන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. පොහොර අවශ්‍ය යැයි කියලා තුනෙන් දෙකකින් දිනනවා. 
 
පොහොර තහනම නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ගෙදර යන්න බැරිව ඉන්නේ. ගමට යන්න බැරිව ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවට රහස් ඡන්දයක් තියලා විමසන්න කියලා අපි කියනවා.''
 
 

 
THE LEADER TV 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 

ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58