හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ආචාර්ය ශිරාන් දැරණියගල (79) අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
විශ්‍රමිකව සිටි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුරුවිට එක්නැළිගොඩ වලව්වේ ජීවත්විය.
පාහියන්ලෙන ආශ්‍රිතව කැනීම් ආරම්භ කරන ලද්දේ ශිරාන් දැරණියගල ගේ ප්‍රධානත්වයෙනි.
පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල ( පී.ඊ.පී. දැරණියගල) ශිරාන් දැරණියගල ගේ පියා විය. මව ප්‍රීති මොලමුරේ මහත්මියයි. පවුලේ තුන්වැන්නා ශිරාන් දැරණියගල මහතායි.
ඓතිහාසික එක්නැළිගොඩ පරපුර ඔහු නියෝජනය කරයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන ලැබූ ශිරාන් දැරණියගල, වාස්තු විද්‍යාව සහ සංස්කෘතික භාෂාව සම්න්‍ධයෙන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව සම්බන්‍ධයෙන් ගෞරව පන්තියේ උපාධියක් හිමිකරගෙන ඇත.
1968 දී කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්විය. බුලත්සිංහල පාහියන්ලෙන ආශ්‍රිව පුරාවිද්‍යා කැණීම් 1968 දී මුල්වරට ආරම්භ වන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල ගේ මූලිකත්වයෙනි.
ඒ අනුව පුරාවිද්‍යාත්මක සාධක සහිත මිනිස් සුසානයන් පාහියන්ගලින් සොයාගන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල විසිනි.
අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රීතව පුරාවිද්‍යා කැණීම් 1969 දී මුලින් ම ආරම්භ කරන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල ගේ උපදෙස් අනුවය.
වසර එක් ලක්‍ෂ තිස් දහසකට පෙර ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ‘ඉරණමඩු පාංශු සංගතිය’ සම්බන්‍ධයෙන් ශිරාන් දැරණියගල කළ ගවේෂණය ඇතුළත් නිබන්ධනයට හාවඩ් විශ්ව විද්‍යාලය මගින් 1988දී ආචාර්ය උපාධියක් පිරිනැමීය.
1992 සිට 2001 දක්වා ලංකාවේ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ද ආචාර්ය ශිරාන් දැරණියගලයි.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධක්‍ෂ ජනනරාල් තනතුරේ පියපුතු දෙපලක් සේවය කිරීමේ ගෞරවය ලබාදුන්නේද ශිරාන් දැරණියගල ටය.
ශ්‍රී ලංකාවේ පැරණිම මානවයා විසු බවට පුරා විද්‍යා සාධක සොයාගත් කුරුවිට ඓතිහාසික බටදොඹ ලෙනට කිලෝමීටර් දෙකක පමණ දුරකින් ආදාර්ය ශිරාන් දැරණියගල ජීවත්ව ඓතිහාසික එක්නැළිගොඩ වලව්ව පිහිටා ඇත.
අභාවප්‍රාප්ත ශිරාන් දැරණියගල ගේ දේහය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය මරණය සිදුවු එක්නැලිගොඩ වලව්වේ දි පවත්වන බව පොලිසිය පැවසුවේය.
THE LEADER TV
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්!