මේවනවිට වෙළඳපලේ සුදු සීනි හිඟයක් මතුව තිබෙන අතර තොග වෙළඳසැල් වලින් සීනි ලබාදීම සීමා කර ඇති බව වාර්තාවේ. 
 මේ හේතුවෙන් වෙළඳපලේ සීනි අලෙවි කෙරෙන්නේ පාලන මිලට වඩා වැඩි මිලකට බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.
 
තොග වෙළඳසැල් හිමියන් පවසන්නේ සීනි ආනයනකරුවන්ගෙන් තමන් වෙත සීනි තොග ලැබෙන්නේ පාලන මිලට වඩා වැඩි මිලකට බවයි. ඒ සම්බන්ධයෙන් තොග වෙළඳසැල් හිමියෙකු 'නෙත් නිවුස්' කළ කරුණු විමසීමකදී මෙලෙස අදහස් පළ කළේය. 
 
 

 
 
'නෙත් නිවුස්' මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්නගෙන් කරුණු විමසීමක් කර තිබිණ.
 
ඔහු පවසා සිටියේ සීනි ආනයනය සඳහා රජය මගින් පසුගිය සිකුරාදා සිට අවසර දීමෙන් පසු සීනි තොග ඇනවුම් කර ඇති බවයි.
 
එම ආනයනික සීනි තොග මෙරටට ලැබීමට සති 02 ක පමණ කාලයක් ගතවන බව ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 
 
බරපතල කාරනා තුනක් !
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාරම්පරිකව සීනි ආනයනය ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයකු පැවසුයේ, සීනි ආනයනය සඳහා රජය විසින් මේවනවිට අනුමැතිය ලබාදී ඇතත් ඉදිරි මාසයක කාලයතුලදී බරපතල සීනි හිඟයක් ඇතිවිය හැකිබවයි.
 
මුලික කාරණා තුනක් ඊට බලපාන බව ඔහු කියා සිටියේය. 
 
1- මෙරට පවතින ඩොලර් හිඟය තුල බැංකුවලින් ණයවර ලිපි (LC) නිකුත් නොකිරීමත්, 
 
2- ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය තුල විදෙස් සීනි සමාගම් තහවුරු කල ණයවර ලිපි නොමැතිව පෙර පරිදි ණයට සීනි ලබා නොදීමත්, 
 
3- ජාත්‍යන්තර සීනි මිල ගණන් මෙරට පාලන මිලට වඩා වැඩි වීමත් ඊට හේතුවී ඇතැයි ඔහු පැවසිය.
 
 
මෙම තත්ත්වය තුල රජය විසින් නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් මාසයක් තුලදී බරපතල සීනි හිඟයක් ඇතිවීම වැලැක්විය නොහැකි බව ඔහු වැඩි දුරටත් අවදාරණය කර සිටියේය. 
 
 
THE LEADER TV 
පැනඩෝරා’ හුටපටයට බැසිල්ව ගාවන කුමන්ත්‍රණයක් ! 
 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්