මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ  Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම
ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අද (06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිවේදනය කර සිටියි. 
 
kingsley 
 
 
 
ව්‍යාපාරික තීරු කුමාර් නඩේසන් විසින් ජනාධිපතිවරයා වෙත අද (06) උදැසන ලිපියක් යවමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබිණ.
 
IMG 20211006 WA0021
 
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ කියා සිටියේය. 
 
ඔහු එබව කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.
 
මෙය අතිශය බරපතළ තත්ත්වයක් බව සඳහන් පවසන විපක්ෂ නායකවරයා, මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් කර තිබිණ. 
 
මෙම බරපතළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශයින්ම කනගාටුදායක බවද සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. 
 
 
මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදීත් පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී තිබුණි.
 
 
 
 
 
කැබිනෙට්ටුවේදී තද තීන්දුවක්
 
 
මේ අතර ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර ඇති පැනඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකා හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ  හා ඇගේ සැමියාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනයක් කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
 
අදාළ චෝදනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම අදහස් පළකර ඇති අතර එම චෝදනා මගින් රටට සිදුවිය හැකි හානිය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
 
ඒ අනුව එම චෝදනා ගැන ගැඹුරු විමර්ශනයක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර විමර්ශනය ගැන ඉදිරියේදී රජය විසින් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
 
 
 
THE LEADER TV 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 
පැනඩෝරා’ හුටපටයට බැසිල්ව ගාවන කුමන්ත්‍රණයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්