මෙරට ගුරු දිනය සමරනු ලබන අද(10) රට පුරා පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා රජයට විරෝධය දක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම්

පියසිරි ප්‍රනාන්දු පවසයි.

 
පාසල් ඉදිරිපිට මෙන්ම ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන්ගේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ නිවාස ඉදිරිපිටද අද කළු කොඩි ඔසවා විරෝධතා දක්වන බවද ඔහු කියා සිටියේය.
 
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස බලකරමින් එම ක්‍රියාමාර්ගය ගන්නා බව ලංකා විදුහල්පති සංගමය ප්‍රධාන ලේකම්වරයා පවසයි.
 
ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝම්බර් 05 වනදා යෙදුන ද ලංකාව එය සමරන්නේ 06 වනදාය.
 
 
Rohini Wijeratne Kavirathna T
 
මේ අතර ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත්කර ඇති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි, රෝහිනී කවිරත්න,  ''ගුරු අරගලය දිනන ජාතික ගුරු දිනයක් වේවා!'' ප්‍රාර්ථනය කර සිටියි.
 
ඇයගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ. 
 
''ගුරුවරුන් ඉගෙන්විම් කටයුතුවලින් ඉවත් වී දින 86 කි.  දරුවන් බහුතරයකට මාස 18 කට වඩා විධිමත් අධ්‍යාපනයක් නැත.  කෝවිඩ් උවදුර සහ රජයේ අසමත්බව  නිසා රටේ අධ්‍යාපනය අවුල් ජාලයක් බවට පත් වූ සමයක අද අපි ජාතික ගුරු දිනය සමරමු.
 
තිරසර සංවර්ධන අභිමතාර්ථයන්ට අනුව පූර්ණ සහ සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම සහ සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනයට ඉඩක් හිමි විය යුතුය.
 
අද ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු නොවන්නේ ද එයයි.
 
  
අධ්‍යාපනය මානව අයිතිවාසිකමකි.  දරුවන්ට ඉගෙනගන්නට අවශ්‍ය ගුරුවරුන් - පහසුකම් සැපයීය රජයේ වගකීමකි.  රාජ්‍ය මුදල් එයට වෙන්විය යුතුය.  සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ සම අවස්ථා ඇති විය යුතුය. අද ලංකාවේ අධ්‍යාපනයේ සිදු නොවන්නේ ද එයයි.
 
 
කෝවිඩ් අධ්‍යාපන අර්බුදයෙන් අසමත්ම රාජ්‍යයක් වන්නේ ලංකාවයි.  මාර්ගගත අධ්‍යාපනය ගුරුවරුන්ගේ කැපවීමෙන්, ස්වේච්ඡාවෙන්, වියදමින් සිදු කළ අවිධිමත් වැඩසටහනකි. එයට මඟපෙන්වන්නට, වෘත්තීය හෝ තාක්ෂණික දැනුම දෙන්නට මුදල් වෙන් කරන්නට රජය අසමත් විය. 60% ක් දරුවන්ට නාමික හෝ මාර්ගගත අධ්‍යාපනයක් කෝවිඩ් සමය තුල නොලැබුණි.  මාර්ගත අධ්‍යාපනය ලැබුනේ ද 40% ක ට පමණී.  අදට දින 86 ක් ගුරුවරුන්ගේ ඒ ස්වේචඡා මැදිහත්වීම නැවතී ඇත.
 
පසුගිය අ.පො.ස. (සා.පෙ.) ප්‍රථිඑලය ස්වෙච්ඡාවෙන් කැප කිරීම් කළ ගුරු විදුහල්පතිවරුන්ගේ ද, දෙමාපියන්ගේ ද, දරුවන්ගේ ද ප්‍රතිඑලයයි.
 
ගුරුවරුන් ද දරුවන් ද අභිමුඛ නොවන අධ්‍යාපනයක් නැත. රජය දරුවන්ගේ මානව හිමිකම රකින්නට පසුගිය වසර 1 ½ තුල කෝවිඩ් සමයේ කිසිවක් කළේ නැත. 
 
අද ලංකාවේ අධ්‍යාපනයේ මානව හිමිකම අහිමිකර ඇත්තේ එලෙසය.
 
  
ලංකා ඉතිහාසයේ ගුරුවරුන් මෙතරම් නිග්‍රහයට, අපහාසයට, පරිභවයට ලක් කර වෘත්තීය ගෞරවය අහිමි කළ වෙනත් යුගයක් නැත.  දේශපාලන අවස්ථාවදීන් ගුරුවරුන් කාලකන්නි ලෙස ලේබල් ගසමින් නිගරුවට පත් කළ යුගයක අප ජාතික ගුරු දිනය සමරමු. උත්සව පවත්වමු.
 
 
යහපාලන රජය 106% කින් ගුරු වැටුප් වැඩි කළේය. එය ඉල්ලීම් මත, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් දිනූවක් නොව, අධ්‍යාපනය වෙනුවෙන් අපගේ ආණ්ඩුවේ රාජ්‍ය මුල්‍ය වගකීම ඉටු කිරීමක් විය.  
 
අද ගුරුවරුන් තමන්ට හිමි වැටුප ඉල්ලා සිටින විට මර්ධනයේ හස්තයට - නිරෝධායන පනත වැනි සකල විධ පිඩාවන්නට, පරිභවයට ලක්ව සිටිමු.
 
අධ්‍යාපනය ද නොදන්නා, පරිපාලනය ද නොදන්නා නිලධාරි පිරිසක් ජාතික අධ්‍යාපනය අවුල් ජාලයක් බවට පත් කළ යුගයක අද අප ජාතික ගුරු දිනය සමරමු.
 
ගුරු අභිමානය අතීත කතාවක් පමණක් බවට පත් කළ යුගයක අපි අද ජාතික ගුරු දිනය සමරමු.
 
 
කළු දිනයක් ලෙස ජාතික ගුරු දිනය සමරන අවසන් අවස්ථාව මෙය බවට පත් කර ගැනීම සමස්ත ගුරු ප්‍රජාවගේ ද, අධ්‍යාපනයට සම්බන්ධ සියළු දෙනාගේ ද වගකීමකි.
 
කාලකන්නි ලේබලයෙන් ගුරු - විදුහල්පතිවරුන් ජාතික ගුරු දිනය සමරන අවසන් අවස්ථාව මෙය බවට පත් කිරීම අප සැමගේ වගකීමකි.  
 
ගුරුවරුන්ට තම සිසුන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ නොහැකි පරිසරය ජාතික ගුරු දිනය සමරන අවසන් අවස්ථාව මෙය බවට මෙය පත් කර ගැනීම අප සැමගේ වගකීමකි.
 
නීති සම්පාදනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන්නට පෙර මම අභිමානවත් පාසල් ගුරුවරියක් මි. එදා මට හිමිව තිබූ අභිමානවත් වෘත්තීය ගෞරවය නැවත දිනා ගැනීමෙන් තොරව සැබෑ ජාතික ගුරු දිනයක් සැමරිය හැකි යැයි මා නම් සිතන්නේ නැත.
 
ඒ සඳහා කැපවී සිටින ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපනඥයින්, අධ්‍යාපන පරිපාලන සේවයේ සියළු දෙනාටත්, අධ්‍යාපන කේෂ්ත්‍රෙය් නිරත සියළුම වෘත්තිකයින්ටත් ජයග්‍රහණ හිමිවන සුබ ජාතික ගුරු දිනයක් වේවා!
 
ඔබගේ නොනිමි ගුරු අරගලයට ජයවේවා! 
 

 
THE LEADER TV 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 
පැනඩෝරා’ හුටපටයට බැසිල්ව ගාවන කුමන්ත්‍රණයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්