1200 x 80 DMirror
 
 

ඉන්දීය ධීවරයන් හා ගැටුම තව දුරටත් උත්සන්න වීමට පෙර ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරීම තහනම් කරන ලෙස උතුරේ ධීවරයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
 
 
යාපනය, ගුරුනගර් ධීවර සංගම් නායකයෝ මේ ඉල්ලීම කර ඇත්තේ කච්චතිව් ආසන්න මුහුදේ මසුන් මරමින් සිටි  ධීවරයන් පිරිසකට පහර දී ඔවුන්ගේ බෝට්ටුවලට අලාභානි කිරීමෙන් අනතුරුවයි.
 
 මෙම පහරදීම සිදු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන්ට චෝදනා නැගී ඇත්තේ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදීය.
 
 “අපේ ධීවරයෝ කච්චතිව් අපේ මුහුදේ මාළු අල්ලමින් ඉන්නකොට හොරෙන් ආපු ඉන්දියාවේ ට්‍රෝලර් බෝට්ටුවක් අපේ අයගේ බෝට්ටුවේ හප්පලා, අලාභ කරලා, බෝට්ටුවේ හිටපු ධීවරයෝ හොඳටම පහර දීලා විතරක් නොවේ මුහුදට ඇදලා දාන්න හදලා තියෙන්නේ, කොහොමහරි ඒගොල්ලෝ ගොඩට ඇවිත් තියෙන්නේ හොඳටම තුවාල වෙලා,” යැයි ගුරුනගර් ධීවර සංවර්ධන සංගමයේ සභාපති ජුලියන් සහාසරාජා පවසයි.
 
 මෙහිදී හානියට පත් ධීවරයන්ට, බෝට්ටු හිමියන්ට 'ඉන්දීය ආණ්ඩුව අලාභ ගෙවන්න' ඕනෑ යැයි ගුරුනගර් ධීවරයෝ පවසති.
 
 “ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් ප්‍රශ්නය ගැන අපි කලින් ධීවර අමාත්‍යංශයට පැමිණිලි කර තියෙනවා, ඉන්දියානුවන් අනවසරයෙන් අපේ මුහුදට ඇවිත් මාළු අල්ලන් යන එක දිගින් දිගටම තියෙනවා, ඒ වගේම ඒගොල්ලෝ අපේ අයට පහර දෙන එකත් දිගින් දිගටම වෙනවා, අපේ මිනිස්සු මුහුදු යන්න බයෙන් ඉන්නේ ඔවුන්ට මරණ බියක් ඇතිවෙලා තියෙනවායැ,” යි  ධීවර සංගම් නායක සහාසරාජා පවසයි.
 
 
 
නාවික හමුදාවටත් චෝදනා
 
අවසර ඇතිව කච්චතීවු මුහුදේ මසුන් මැරීමේ යෙදී සිටි ඉන්දීය ධීවරයන් පිරිසකට පහර දුන් බවට ශ්‍රී ලංකා නාවික හමුදාවටත් පසුගියදා චෝදනා එල්ල වී තිබුනි.
 
 ශ්‍රී ලංකා සාගර කලාපයේ ඉන්දීය ධීවරයන්ට මසුන් මැරීමට අවසර දී ඇති කච්චතීව් දූපත අසලදී  සැප්තැම්බර් 22 බදාදා ප්‍රහාරයෙන් යාත්‍රා කිහිපයකටත් දැල් ආම්පන්නවලට හානි සිදුවී ඇති ඇති බව තමිල්නාඩු ධීවර සමිති නායකයෝ පවසති.
 
 “පාරම්පරික වශයෙන් කරගෙන යන පරිදි කච්චතීවු දුපත අසල මාළු බාමින් ඉන්නකොට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඇවිල්ලා දැල් කපලා ගල් වලින් ගහලා වීදුරු කුඩු කරලා එලෙව්වා,” යි රාමේශ්වරම් ධීවර සංගමයේ සභාපති බෙන්සිලාස් ජේසුරාජා මාධ්‍යවේදීන්ට පැවසීය.
 
 ඉන්දීය රජය විසින් සතියකට දින තුනක් කච්චතීවු මුහුදේ මසුන් මැරීමට අවසර දී තිබුනත් ගැටුම් අවම කරගැනීම සඳහා තමිල්නාඩු ධීවරයන් ස්වේච්ඡාවෙන් ගත් තීන්දුවක් අනුව බදාදා සහ සෙනසුරාදා පමණක් රැකියාවේ යෙදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
 “දිගින් දිගටම මේක සිද්ධවීම රාමේශ්වරමේ ධීවරයන්ට ජීවිකාව පවත්වාගෙන යන්න ලොකු බාධාවක්, ආණ්ඩු දෙක සාකච්ඡා කරලා මේකට ස්ථිර විසදුමක් දෙන්න ඕනේ.”
 
 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මින් පෙර අනතුරු අඟවා සිටියේ මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව කෙතරම් මෙහෙයුම් කළ ද ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සමඟ පැමිණෙන ධීවරයන් මෙරට මත්ස්‍ය සම්පත කොල්ල කෑමට එරෙහිව විධිමත් ක්‍රියා මාර්ගයක් නො ගැනීම දෙරටේ ධීවරයන් අතර ගැටුමක් ඇති විය හැකි බවයි. 
 
'ලංකාවේ ආණ්ඩුව කමිටුවක් පත් කර මිට තිරසාර විසදුමක් ලබා දිය යුතුයි' යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු පළාත් සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් අවධාරණය කර තිබුනි.
 
 hl 4593103297
hl 4593103299
hl 4593103300

 

 


 

THE LEADER TV 
 
 
 
විමල්ට හොඳ වැඩේ 
 
 
 
මම ඕවට නෑ' - චිචී දස අතේ දිවුරයි ! 
 
 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්