රාජපක්ෂ ආණ්ඩුවේ තර්ජන ගර්ජන බිය වැද්දීම් මැද ගුරු විදුහල්පතිවරුන්ගේ කළු ගුරු දින විරෝධතා උද්ඝෝෂණ ඊයේ (06) දිවයින පුරා සාර්ථකව සංවිධානය කර තිබිණ.
අධ්‍යාපනය මිලිටරිකරණයට හා පෞද්ගලීකරණයට මං පෙත් සකසන කොතලාවල පනත අහෝසි කරන ලෙසත්, වසර 23 ක් තිස්සේ දිග ඇදෙමින් තිබෙන වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් ඉල්ලා ගුරු-විදුහල්පතිවරු ගෙන යන අරගලයට දින 87ක් සපිරෙන ඊයේ [6] ලෝක ගුරු දිනය නිමිත්තෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධතාව කැඳවා තිබිණි.
ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝම්බර් 05 වනදා යෙදුන ද ලංකාව එය සමරන්නේ 06 වනදාය.
ජාත්‍යන්තර ගුරු දිනය නිමිත්තෙන් හා ගුරුවරුන් විසින් ගෙනයන සටන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් පලව තිබු අතර හිටපු අධ්‍යාපන ඇමැතිවරියක හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පළමු අධ්‍යාපන ඇමති වූ ඩලස් අලහප්පෙරුම ද ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබිණ.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වූ ඩලස් අලහප්පෙරුමද සමාජ මාධ්‍ය ඔස්සේ පොස්ටුවක් පළකර තිබුනේ 'ගුරු බලවත් වේවා'යන ශීර්ෂයෙන් යුතුවය.

වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ එම පොස්ටුවට ප්‍රතිචාර දක්වමින් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා සමාජ විශ්ලේෂකයකු වන මහින්ද රූබසිංහ සිය ෆේස්බුක් පිටුවේ පහත දැක්වෙන සටහන පළකර තිබිණ.
''මේකේ පොඩි නිර්මාණාත්මක බවකුත් තිබෙනවා තමයි. ඒත් "ගුරු බලවත් වේවා" කියලා තිබුණට මේ වෙලාවේ ගුරුවරුන්, සිසු දරුවන්ගේ අපලය හැටියට ඇමතිතුමා දකිනවා වෙන්න බැරිත් නෑ.
ගුරු ගැටළු විසඳලා සිසුන්ගේ වගේම ගුරුවරුන්ගේ ග්‍රහ අපල දුරු කරන්න පුළුවන් ආණ්ඩුවට. කැබිනට් එක නියෝජනය කරන මේ ඇමතිතුමාටත් එහි වගකීමක් තිබෙනවා.
දෙවියන්ටයි, ග්‍රහයන්ටයි භාර දුන්නට හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නෑ. ඒවගේම එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් (ගුරු-සිසු) අල්ලන්න ගිහින් මෙතුමාගෙත් ග්‍රහය නීච වෙන්නත් පුළුවන්.
සබැඳි පුවත් :
THE LEADER TV
ගුරු සටන ගැන "ස"ට කේළමක්
විමල්ට හොඳ වැඩේ