අගෝස්තු 11 වැනිදා රටටම අඬබෙර ගසමින් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස කරලියට ගෙන ආ ගෝඨාභය රාජපක්ෂ,

ඔහුගේ සහෝදර සමාගම සමග රටවටා සිදුකල වන්දනා සංචාරයෙන් පසු මෙදිනවල මාධ්‍යයෙන් වසන්වී සිටීම ඔහුට හිතවත් 'ජාතිකවාදී බලවේග' වල කනස්සල්ලට හේතුවී තිබෙන බව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලිවේ.

එසේම, නාමල් රාජපක්ෂ විසින් ගෝඨාභයගේ ප්‍රචාරක කටවුට් හා පෝස්ටර් කඩිමුඩියේ ඉවත් කිරීමද එවැනි බලවේගවල සැකයට බඳුන්ව ඇති බව පෙනේ.

ගෝඨාභය රාජපක්ෂගේ මෙම නිහැඬියාව ඇතැම් සමාජ මාධ්‍ය පොස්ටුවලින් ප්‍රශ්න කර ඇත්තේ ''ගෝඨා අයෙත් ඇමරිකාවට ගිහිවත් ද බ්‍රෝ'' කියාය.

'ද ලීඩර්' කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ ගෝඨාභය රාජපක්ෂව මෙසේ 'යටගසා' ඇත්තේ, ඔහුගේ ප්‍රචාරක උපදේශකයින් විසින් ගත් තීන්දුවක් අනුව බවයි. මංගලගේ මාධ්‍ය විසින් ගෝඨාභය කුලප්පු කර ඔහුගෙන් අනවශ්‍ය ප්‍රකාශ ලබාගැනීමට ඇති අවධානම සලකා කටයුතු කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම උපදේශකයින්ට අවවාද කර තිබේ.

ඇමරිකානු විරෝධය ගැන නිහැඬියාව !

Gota Sofa

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයෙන් මතුවන විරෝධතා හමුවේත්, සෝෆා -ඇක්සා ගිවිසුම් ගැනත් මාධ්‍ය හමුවේ කිසිඳු ප්‍රකාශයක් නොකරන්නැයි ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇත්තේ ද විපක්ෂ නායකවරයාය.

ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වහාම ඉලක්කගත සාකච්ජා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමටත් එහිදී සකස්කරන ලද කතාවක් ඔහුලවා ටෙලිප්‍රොම්ටරය බලාගෙන කියවීමටත් සැලසුම් කර තිබේ.

මෙම සාකච්ජා හා සම්මන්ත්‍රණ සඳහා තෝරාගත් මාධ්‍යවේන් පමණක් සහභාගී කරවා ඔවුන් ලවා ගෝඨාභය ගෙන් සැලසුම්කල ප්‍රශ්න විමසමින් එම ප්‍රකාශ මාධ්‍ය හරහා ඉස්මතු කරලීමට මෙම උපදේශකයින් තීරණය කර ඇත.

ගෝඨා හරි ප්‍රචාරණයට මතභේද

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුල මේවනවිට බරපතල මතභේදයකක් ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයකු 'අනිද්දා' පුවත්පතටද ප්‍රකාශ කර ඇත.

වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ආදි ඒකාබද්ධ විපක්ෂයේ පැරණි පක්ෂවල සාමාජිකයන් මහින්ද රාජපක්ෂ පෙරටු කරගත් මැතිවරණ ව්‍යාපාරයකට කැමැත්ත දක්වා ඇති අතර ගෝඨාභය රාජපක්ෂට හිතවත් කණ්ඩායම්වල අදහස වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂම කේන්ද්‍ර කරගනිමින් මැතිවරණ ව්‍යාපාරය කළ යුතු බවය.

සිය ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රට පුරා ප්‍රදර්ශනය කරතිබූ කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තීරණය කර ඇත්තේ එම අභ්‍යන්තර මත ගැටුමක් නිසාද යන සැකයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වෙමින් තිබේ.

සබැඳි පුවත් :

ඇමරිකාව ශවේන්ද්‍රට ගහද්දි ගෝඨා නිහඬ ඇයි?

ගෝඨාගේ කටවුට් අවුට්: 'පරිසර හිතකාමී'කමට යටින් ගේමක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්