යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය
සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ වරාය, විදුලිය, ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (07) පස්වරුවේ පැවැත්විණි .
 
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ටිරාන් අලස් යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ .
 
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු විදුලි බල, ඛනිජ තෙල් හා වරාය යන ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් ද ඊට සහභාගි වූ අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘති වලින් රටටත් ජනතාවටත් සිදුවන බරපතල විනාශය ඔවුන් විසින් පක්ෂ නායකයින් වෙත කරුණු කාරනා සහිතව පැහැදිලිකර දී තිබිණ. 
 
242791022 10159299638391327 6805935401755970550 n
244566017 10159299638926327 2399447726232290450 n
244484317 10159299639036327 793750781663359942 n 
 
 
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය නැවැත්විය යුතු බව වෘත්තීය සංගම් නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇති අතර, ඒ සඳහා දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා යාමට සූදානම් බවද ඔවුන් සඳහන් කර තිබේ.
 
 
වෘත්තීය සමිති නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර, හවුල්කාර පක්ෂ 11 නායකයන්ගේ සහභාගීත්වයෙන් වෘත්තීය සමිති යළි හමු වන බව පක්ෂ නායකයන් දැනුම් දී ඇත .
 
ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මුණගැසීමේ සාකච්ඡාව අද  ප.ව. 2.00 ට රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුනද පසුව ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මුලස්ථානයේදී පැවැත්විණ. 
 
දේශපාලන පක්ෂ නායකයන් හා වෘත්තීය සමිති අතර පැවති එම සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවති බව වාර්තා වේ.
 
 
 

 

 


 

THE LEADER TV 
 
 

 

කුරුණෑගලටත් අබ සරණයි

 

 

ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්