කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියොගයක් නිකුත් කළ කොළඹ වානිජ මහාධිකරණ නැව අත්අඩංගුවට
ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කළේය.
 
කොළඹ ට්‍රයිකෝ මැරි ටයිම් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබු පැමිණිල්ලක් සලකා බැලූ අංක එක වාණිජ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේ ය.
 
තම සමාගම විසින් ඇනවුම් කළ භාණ්ඩ තොගයක් මැදපෙරදිග සිට එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බවත් ඒවා තමන් භාරයට පත්කිරීම හෝ ඒ සඳහා සිදුවූ අලාභය ගෙවීමේ වගකීම නැව හිමි නැව් සමාගම සිදුකළ යුතු බවත් තම සමාගමට සිදු වූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක අලාභය මේ දක්වා ගෙවීමට නැව් සමාගම අසමත්වී ඇති බවත් පෙත්සම්කාර සමාගම මහාධීකරණයට පෙන්වාදී තිබිණ.
 
ඔවුන් එම පෙත්සම ගොනුකර තිබුනේ තම සමාගමට සිදුව ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක පාඩුව අයකර දෙන්නැයි  ඉල්ලා සිටිමිනි.
 
මෙම නඩුව ලබන 21 වැනි දා කැඳවීමට නියම කළ අධිකරණය නැවේ හිමිකාර සමාගමට එහි දේශීය නියෝජිත සමගම ඇතුළු වගඋත්තර කරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින්නැයි ද නියෝග කරමින් නොතිසි නිකුත් කළේය. 
 
සිංගප්පුරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් වෙළඳ නැව ඉකුත් ජුනි මාසයේදී කොළඹ වරායට ආසන්න මුහුදේදී  ගිණිබත්විය.
 

THE LEADER TV 
කුරුණෑගලටත් අබ සරණයි 
 

ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්