ගුරු-විදුහල්පති අරගලය මර්දනයට පියවර ගනිමින් සිටින දෙවැනි රාජපක්‍ෂ සභාග ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ නායක ඇමැතිවරයෙක් වතු සමාගම් වලට

එරෙහිව වැඩ වර්ජනයක් කැඳවන බවට කර තිබෙන ප්‍රකාශයේ අවංක භාවය ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.

 
''ඉහල දැමු වැටුප් නොදී කම්කරුවන්ට නොයෙක් වැඩ කොන්දේසි දමමින් වතු සමාගම් හිතුවක්කාරී ලෙස අධිරාජ්‍යයක් ගොඩ නගා තිබෙනවා, ඊට එරෙහිව කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කැඳවනවා'' යැයි ආණ්ඩුවේ හවුල් කාර පක්‍ෂයක් නියෝජනය කරන ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර බ්‍රහස්පතින්දා [07] පැවසීය. 
 
තුන් මසකට ආසන්න  වැටුප් විෂමතා ඉවත් කර ගැනීමට බලකෙරෙන ගුරු-විදුහල්පති අරගලයට විසදුම් ලබා නොදී එය නොයෙක් අයුරින් මර්දනය කරන්නට ආණ්ඩුව වෑයම් දරමින් සිටින පසුබිමක ඇමතිවරයා  මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
 
 මහ බැංකු වාර්තාවන්ට අනුව විධිමත් ක්ෂේත්‍රයේ  කම්කරුවන්ගේ මුලික වැටුප සියයට 4.2 කින් පහත වැටි තිබේ. 
 
  
ඉහල යන ජිවන වියදම හමුවේ කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් අවශ්‍යවුද, වතු කම්කරුවන් වෙනුවෙන් ඉහල දැමු රුපියල් 1000 දක්වා දෛනික වැටුපවත් නිසි අයුරින් ලබා දීමට වතු සමාගම් ලබා නොදෙන
බව නානායක්කාර ඇමතිවරයා චෝදනා කරයි.
 
 
''කඩන තේ දළු ප්‍රමාණය වැඩි කරන්න කියාලා මේ සමාගම් කොන්දේසි දානවා, නැත්නම් දාහ ගෙවන්නේ නැහැ. ආණ්ඩුව දැන් මේ ගැන පඩි පාලක සභාවට යොමු කරලා තියෙනවා, අනෙක හෙක්ටයාර්  දෙලක්ෂ ගානක් වන තේ වගා බිම් වලින් හෙක්ටයාර් ලක්ෂයක විතරයි වගා කරලා තියෙන්නේ, ඉතින් කොහොමද අස්වැන්න වැඩි වෙන්නේ,'' යැයි පවසන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, වතු වෘත්තීය සමිති හා වතු සමාගම් අතර පැවති සාමුහික ගිවිසුම ක්‍රියාත්මක නොවීම් නිසා වතු පාලකයන් මෙසේ අත්තනෝමතික ලෙස වැඩ කරන බවයි.
 
 
පෝර අහේනිය
 
 
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් පනවන ලද රසායනික පොහොර තහනම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසය වන විට තේ නිෂ්පාදනය පහත වැටීමක් පෙන්නුම් කරන බව වැවිලි කරුවන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ. 
 
වැවිලි කරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරේ මාධ්‍යයට සඳහන් කර තිබුනේ තේ නිෂ්පාදනය පහත වැටීම සෘජු ලෙසම වතු කම්කරුවන්ගේ වැටුපට බලපාන බවයි. කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති කේ.එල් ගුණරත්න ද මේ මතය සනාථ කරමින් දැක් වූ අදහස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 
''වෘත්තීය සමිති සාමාජික මුදල් කම්කරු සාමාජිකයන්ගේ වැටුපෙන් කපා සමිති වෙත ලබා දීම අවුරුදු 70 ක පමණ කාලයක සිට පැවත එන සම්ප්‍රදායක්. දැන්  එය වතු සමාගම් විසින් අත්හැර දමා තියෙන්නේ වෘත්තීය සමිති අඩපණ කිරීමට, එහෙම සාමාජික මුදල් නොලැබුනොත්  වෘත්තීය සමිති කොහොමද තමන්ගේ පුර්ණකාලීනයන් නඩත්තු කරන්නේ,'' යැයි ඇමැති වාසුදේව නානයක්කාර ප්‍රශ්න කර සිටි.
 
 රාජපක්‍ෂ ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් වූ වතු ක්ෂේත්‍රය අධීක්‍ෂණය සඳහා අධිකාරියක් පිහිටු වීම තවමත් ඉටුකිරීමට නොහැකි වූ වටපිටාවකදී වතු සමාගම් වලට එරෙහිව වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කැඳවීම හැර වෙනත් විසදුමක් නොමැති බැවින් ආණ්ඩුවේ හා විපක්ෂයේ සියලු වෘත්තීය සමිතිවලට ඇරයුම් කර ඇති බවයි ඔහු පවසන්නේ.
 
 
ඇමැති ගේ ‘කිඹුල් කඳුළු’
 
  
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර ගැනීමට අරගල කළ වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වලින් සැදුම් ලත්  `1000  ව්‍යාපාරය` සඳහන් කරන්නේ, එතරම්ම අවංක උවමනාවක් තිබුනේ නම් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමටත්, ඒවා නියමිත ක්‍රමවේදයකට ලබා දීමටත් වාසුදේව නානායක්කාර ඇමැති නියෝජනය කරන ආණ්ඩුවට බොහෝ අවස්ථා තිබු බවයි.
 
 
“ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ ජය ගැනීමෙන් පසූවත්, ඒ ඒ වසර වල ඉදිරිපත් කරපු අයවැය මගිනුත්  වතු කම්කරුවන්ට වැටුප් ඇතුළු සහන සලසන්න ඕනෑ තරම් ඉඩ ප්‍රස්තා තිබුනා, දැන් කිඹුල් කඳුළු හෙලුවාට එදා 1000 වැඩි කර ගන්න සටනට දායකත්වයක් දැක්වුවෙත් නැහැ,” යි 1000හේ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු චින්තක රාජපක්ෂ පවසයි.
 
 රට අගුලු දමා සංචාරක සිමා පනවා තිබියදී පවා සේවයට කැඳවා තිබු වතු කම්කරුවන්ට කෝවිඩ් මර්දන එන්නත් ලබා දීමේදීත්, අනෙකුත් සහන ලබා දීමේදීත්, නිසි වැඩ සටහන් ක්‍රියාත්මක නොවුණු තත්වයක දී  සමාගම් විසින් පනවන බරපතල වැඩ කොන්දේසි හේතුවෙන් කම්කරුවන් තුලින් පැන නගින ආණ්ඩු විරෝධය සමනය කිරීම හැර, මේ ආණ්ඩුවේ හවුල්කරුවන්ට වෙනත් අරමුණක් නැති බවයි සම කැඳවුම්කාර රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා  දෙන්නේ.
 

THE LEADER TV 
 
කුරුණෑගලටත් අබ සරණයි 
 
 
ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්