'ක්වාසි' (කාති) අධිකරණ සහ බහු විවාහ අවලංගු කළ යුතුද? 
 
"ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ අන්තර් ආගමික සංවාදය: මුස්ලිම් කාන්තාවට දැනට වඩා හිමිකම් අහිමිද ?" යන මැයෙන් මුස්ලිම් විවාහ නීතිය පිළිබඳ සංවාදයක් ඔක්තෝබර් 09 වෙනි සෙනසුරාදා රාත්‍රී හතට සූම් අවකාශය ඔස්සේ පැවැත්වේ. 
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම, ප්‍රජා සංවිධායකවරියක වන නීතිවේදිනී සොරායා මරික්කාර් ඩීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ හිල්මි අහමඩ්, ළමා හිංසනයට තිත පදනමේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ක්‍රියාධාරිනී ශ්‍රීන් අබ්දුල් සරූර් මෙම සංවාදයේ දී අදහස් දක්වති. 
 
'ක්වාසි' (කාති) අධිකරණයේ තීන්දු හේතුවෙන් පීඩාවට පත් නැගෙනහිර පළාතේ මුස්ලිම් කාන්තාවක අත්දැකීම ද ඇතුළත් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මුස්ලිම් ළමා විවාහ පිළිබඳව ගවේෂණාත්මක වාර්තාවක් පළ කළ බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසිනි. 
 
VoiceTube යූටියුබ් නාලිකාව සහ MuslimRoundTable ෆේස්බුක් අඩවිය ඔස්සේ ද ඔබට මෙම සංවාදයට සජීවී ලෙසින් සම්බන්ධ විය හැකිය. 
 
Join Zoom Meeting
 
 
 
244306966 786371982144515 7680169357898670508 n
 

THE LEADER TV 
 
කුරුණෑගලටත් අබ සරණයි 
 
 
ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්