පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී තමා විසින් දක්වන ලද අදහස් වැරදි ලෙස අර්ථකථනය කරමින්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇති බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි. 
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.  තමා එම කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළේ කුමක්දැයි පැහැදිලි කරමින් ඇමතිවරයා එම සටහන පළකර තිබේ.
 
එහි මෙසේ සඳහන් වේ.
 
”පසුගිය  දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.
 
 එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය,
 
 බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය”. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වයට පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.
 
 රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.
 
 
ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.
 
  
ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.
 
විමල් වීරවංශ
කර්මාන්ත අමාත්‍ය,
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2021.10.09
 
 
 
විමල් කිව්වයි කියන කතාව !
 
කෙසේවුවද ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ, ජනාධිපතිවරයා එම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සිදුකලා යයි කියන සංවේදී දේශනයෙන් පසු විමල් විරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසු බවයි. 
 
“ඔව් ජනාධිපතිතුමනි, අපෙනුත් වැරදි අඩුපාඩු වෙන්න ඇති. කොවිඩ් වසංගතය සහ පැවති තත්ත්වයන් එක්ක හැමෝම හිටියේ කලබල වෙලා. අපි ඒවා නිවැරදි කරගමු. සාමූහිකව මේ ගමන ගියොත් අපේ කකුලෙන් අදින්න කකුල් මාට්ටු දාන්න කිසි කෙනෙකුට හැකි වෙන්නේ නෑ. අපි එක්ව ජයගමු. මේක අපි හැමෝම හදපු ආණ්ඩුව. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව රැකගන්න. ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න”.
 
එහෙත් විමල් අමාත්‍යවරයා පවසන්නේ තමා එවැනි කිසිඳු අකාරයේ ප්‍රකාශයක් නොකළ බවයි.
 
සබැඳි පුවත් :
 
 

 

 

THE LEADER TV 

 

ලොකුගේ වාසු කැබිනට්ටුවේ ඇරගනී! 
 


මෙන්න නා, ලෝ ,? 

 

 

 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්