රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසක් විසින් දැවිතෙල් පිරිපහදු කිරීමේ පෞද්ගලික ආයතනයක් හරහා විදේශීය නැවක් මෙරට මුහුදු සීවාවට රැගෙන විත්
ඉන් ඉවතලන දැවිතෙල් නීති විරෝධීව ලබා ගෙන ඇතැයි 'ඉරිදා දිවයින'  ජාතික පුවත්පත වාර්තා කර තිබේ.
  
මේ නිසා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට විශාල මුදලක් අහිමි වී ඇතැයිද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
දැවි තෙල් බැහැර කිරීමේදී සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියෙන් බලපත්‍රයක් ලබා ගත යුතු අතර එම ඉල්ලීම කළ යුත්තේ නැවෙහි කපිතාන් හෝ නැවට අදාළ ඒජන්තවරයා විසිනි.
 
 එහෙත් මෙම නැවෙහි ඉල්ලීම කර ඇත්තේ අදාළ පෞද්ගලික ආයතනයේ වැඩ කරන පුද්ගලයෙකුගේ ලිපිනයකට ය.
 
සමුද්‍රිය පරිසර ආරක්‍ෂක අධිකාරියෙහි නීතිරීති උල්ලංඝනය කරමින් ඛනිජ තෙල් සංස්ථාවට අයත් පෞද්ගලික බවුසර රථවල ජී. පී. එස්. ක්‍රියා විරහිත කොට බවුසර් 5 ක් හරහා එම දැවි තෙල් විවිධ ප්‍රදේශවලට ගෙනගොස් ඇත. 
 
එහෙත් එම සමාගම සතු යාඞ්වලට සහ පිරිපහදු ස්ථානවලට ගෙන ගොස් නොමැති බවද හෙළිවී තිබේ.
 
 
මෙම පුද්ගලික සමාගම විසින් මෙලෙස විදේශ නැවකින් තෙල් ටොන් (ඔයිල් මට්) 130 ක ප්‍රමාණයක් මීට පෙරද ලබා ගෙන ඇත. මෙම තෙල්වල බැර ලෝහ විශාල වශයෙන් ඇති නමුත් මෙම ආයතනය තෙල් පිරිපහදු නොකර ගබඩාවල පුළුස්සා සහ පරිසරයට මුදා හැර තිබෙන බවට හෙළි වී තිබේ.
 
 
එහෙත් මෙම පරිසර හානියට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව සොයා බැලූ නිලධාරීන් විවිධ අයුරින් බාධා පමුණුවා ඇත.
 
එම රජයේ ආයතනය විසින් අදාළ දැවි තෙල් පිරිපහදු කිරීමේ ආයතනයට එරෙහිවී කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඒ සඳහා විශාල වශයෙන් එම රජයේ ආයතනයේ ඉහළ නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවත් 'ඉරිදා දිවයින' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 
පොලිස්පති නිහඬයි !
 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිසරික සංවිධානයක් ඔක්තෝම්බර් 02දා පොලිස්පතිවරයාට ද ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන ඇති බවක් වාර්තා නොවේ.
 
නෞකා මගින් ඉවත් කරන දැවිතෙල් මගින් පරිසරයට සිදුවන විනාශය සම්බන්ධව එසේ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත්තේ, 'රටට හිතැති පරිසර මිතුරෝ' සංවිධානයයි.
 
000100020003
WhatsApp Image 2021 10 10 at 1.07.21 PM

 
THE LEADER TV 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
මෙන්න නා, ලෝ ,? 
 
 
පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්