පුවත්පත් ඇතුළු මුද්‍රණ කර්මාන්තයට අත්‍යාවශ්‍ය කඩදාසි ආනයනය කිරීම අයවැය යෝජනා මගින් අත්‍යාවශ්‍ය නොවන භාණඩයක් සේ සලකා දැඩි ආනයන
සීමා පැනවීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් තිබෙන බව වාර්තා වේ.
 
මේ වන විට අයවැය ලේඛනය සකස් කිරීමේදී වාරණයට ලක් කෙරෙන ආනයන භාණ්ඩ පිළිබඳව අවසන් ලේඛණය සකස් කෙරෙමින් පවතින බව අනාවරණය වේ. 
 
මේ අතර එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් දැවැන්ත කඩදාසි තොගයක් ආනයනය කර ගබඩා කර සිටින බවද හෙළිවී තිබේ.
 
මේ ආකාරයට කඩදාසි ආනයනය මත දැඩි සීමා පැනවුව හොත් පුවත්පත් පවත්වාගෙන යාම අතිශය අසීරුම කටයුත්තක් වන බව මේ වන විටත් තහවුරු වී තිබේ. 
 
බොහෝ පුවත්පත් මුද්‍රණය සඳහා වැයවන මිල ගණන් දරා ගත නොහැකි මට්ටමට පත්වී ඇත. 
 
රුපියල දිගින් දිගටම කඩා වැටීම නිසා මෙසේ වී ඇති අතර කඩදාසි ආනයනය මත දැඩි සීමා පැනවුවහොත් මුද්‍රිත මාධ්‍යයේ සියලුම ප්‍රකාශන කඩා වැටෙන අතර එහි ප්‍රමුඛතම බිඳ වැටීම පුවත්පත් මාධ්‍යයට සිදුවේ.
 
 
 

THE LEADER TV 
 
වඳින්නම් බෑ නං යන්න? 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්