පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි
බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
 
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වන ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඊයේ (10) මේ බව සඳහන් කළේය.
 
පොහොර නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇතිවී ඇති අර්බුදය නිසා ගොවියාට යන එන මං නැති වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා, මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ විශාලම ඛේදවාදකය මේ වන විට දක්නට ලැබෙන බව ද අවදාරණය කර සිටියේය.
 
‘මේ තත්වය තුළ තව ටික දවසකින් මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ’ යැයි කී හිටපු ජනාධිපතිවරයා, ‘ගොවීන් තුළ ඇති ආවේගය, සංවේදීතාව, පීඩනය නිසා මටත් එන්න එපා කියන්න පුළුවන්’ යැයි කීවේය.
 

 
දයාසිරි කියපු කතාව :
 
 
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවතියේ පැවති එම ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියේ, "අද චීනයෙන් පොහොර ගෙන්වන්න බැරුව ඉන්දියාවෙන් පොහොර ගේනන හැදුවහම චීනයෙන් අහනවා ඇයි අපෙන් ගත්තේ නැත්තේ කියලා. අන්තිමට ලංකාවේ විසඳගන්න තිබුණ පොහොර ප්‍රශ්නේ අද චීනයයි ඉන්දියාවයි මැදිහත්වෙලා අහනවා ඇයි අපෙන් ගන්නේ නැත්තේ කියලා. බලෙන් හරි දෙන්න හදන්නේ."යනුවෙනි.
 
 
 

 
මේ අතර කුඹුරුවලට, එළවළුවලට සහ අපනයන බෝග වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර ඇතැයි 'ලංකාදීප' පුවත්පත වාර්තා කර තිබේ.
  
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
 
වී ගොවීන්, එළවළු ගොවීන් මෙන්ම අපනයන බෝග වගා කරුවන් ද රසායනික පොහොර සහ කෘෂිරසායන නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
වී වගාවට අවශ්‍ය රසායනික පොහොර නොදුන්නේ යයි කියමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පසුගිය කාලයේ උද්ඝෝෂණය කළ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීහු මෙවර කන්න රැස්වීම වර්ජනය කළහ.
 
මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වගාවට අවශ්‍ය ජලය මුදා හැරීම ද නොකරන්නැයි ඔවුහු පසුගිය දින කිහිපයේ විරෝධතා ව්‍යාපාර පවත්වමින් කියා සිටියහ.
 
  
මේ අතර තේ වගාව සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවර යොමු වන තෙක්, රසායනික පොහොර ආනයනය කිරීමට පසුගිය සතියේ රජය අවසර දුන්නේය. ඒ, අමාත්‍ය රමේෂ් පතිරණ පසුගිය කැබිනට් මණ්ඩලයේදී කළ දීර්ඝ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමිනි.
 
 
 

THE LEADER TV 
 
වඳින්නම් බෑ නං යන්න? 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්