විවෘත ආර්ථික පිළිවෙතින් පසු අල්ලස හා දුෂණය රටේ සුලභ වු බව සිහිපත් කරන සිවිල් හා බහුජන සංවිධාන සමූහයක්
1978 න් පසු සිදුවු ආර්ථික හා සමාජ පෙරළිය හමුවේ සමාජ අපවාදයට පත් යම් පිරිසක් මෙරටේ ඉහළම දේශපාලකයන් බවට පත්ව ඇති බව පෙන්වා දෙයි.
 
එහි අවසන් ප්‍රතිඵලය වී පත්ව ඇත්තේ වෙන අන් කවරක් හෝ නොව මෙරටේ දේශපාලනය හා දේශපාලකයන්  පුරවැසි අප්‍රසාදයට පත්වීම බව 'මාර්තු 12 ව්‍යාපාරය' සදහන් කර ඇත්තේ, "දුසැරියට එරෙහිව එක්ව හඬනගමු - වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදෙමු." මැයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
 
"ඊට සමගාමිව දක්නට ඇති තවත් ප්‍රවණතාවක් වන්නේ පැන්ඩෝරා පත්‍රිකා මතුනොව අනෙක් විවාදාත්මක කරුණු කෙරෙහි එක් එක් දේශපාලන පක්‍ෂ නිමක් නැති චෝදනා සමුදායක් එකිනෙකා වෙත එල්ල කරමින් සිටීමයි."
 
 
ඒ නිසා අප්‍රකාශිත විධික්‍රම ඔස්සේ ධනය රැස් කිරීම වැලක්වීමට නීති සම්පාදනය අවශ්‍ය බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
 
  
ලෝකයේ බලවතුන් හා පෝසතුන් තුන්සියයකට අධික පිරිසකගේ මුල්‍ය ගනුදෙනු රැගත් ලිපිගොනු විමර්ශනය කළ රටවල් 117ක මාධ්‍යවේදීන් 600 කට වැඩි පිරිසක් අනාවරණය කරගත් තොරතුරු රැගත් පැන්ඩෝරා පත්‍රිකා මගින් ජනපති, අගමැති ඥාති දියණි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යාජ සමාගමක් ඔස්සේ ධන සම්භාරයක් රැස්කළ බව හෙළි වූයේ පසුගිය සතියේය.
 
මෙම චෝදනා සියළුම දේශපාලනඥයන්ට අදාළ නොවුව ද මේ හරහා එක් පැත්තකින් රටේත් දේශපාලනඥයන්ගේත් සමාජ ප්‍රතිරූපය බරපතල ලෙස බිඳ වැටි ඇති අතර  අනෙක් අතට මෙම දේශපාලනඥයන්ගේ දුෂිත ගනුදෙනු හරහා මහජන දේපළ මංකොල්ල කෑමකට ද ලක්වෙමින් පවතින බවයි මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ.
 
මේ තත්වය වෙනස් කිරීම එක් ක්‍රියාමාර්ගයකින් කළ නොහැකි වුව ද වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දුෂණය හා අල්ලසට විරුද්ධ නම් එකිනෙකාට චෝදනා කිරීම නවතා ඔවුන්ට ගත හැකි කඩිනම් ක්‍රියාමාග කිහිපයක් 'මාර්තු 12 ව්‍යාපාරය' යෝජනා කර තිබේ.
 
 
'මාර්තු 12 ව්‍යාපාරය' යෝජනා:
 
 
1. තම වත්කම් බැරකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීම. (පිරිසිදු දේශපාලනයක් සඳහා වන පාර්ලිමේන්තු සාමුහිකයේ මන්ත්‍රිවරුන් කිප දෙනක් දැනටමත් මෙය ප්‍රකාශයට පත්කර ඇති බව ඔවුනට ගෞරවයක් ලෙස සඳහන් කරමු)
 
 
2.  මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම යටතේ ප්‍රකාශයට පත්කිරීම අනිවාර්ය කිරිමට අදාළව නීති පැනවීම.
 
 
3.  වත්කම් බැරකම් ප්‍රකාශවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරිමට හා වාර්ෂිකව විශ්ලේෂණය කිරීම සඳහා සුදුසු ස්වාධීන යාන්ත්‍රණයක් සකස් කිරීම.
 
 
4.  වැරදි තොරතුරු සැපයීම හා ඔප්පු කළ නොහැකි ආදායම් මාර්ග හරහා උපයාගෙන ඇති ධනය රාජසන්තක කිරීම සඳහා අවැසි නීති සම්පාදනය කිරීම.
 
 
 
 
මාර්තු 12 ව්‍යාපාරය තව දුරටත් පෙන්වා දෙන්නේ දේශපාලනඥයන්ගේ වත්කම් ජනගත කිරීමෙන් තොරව ඔවුන්ගේ  අව්‍යාජබව සහ ඔවුන් නිසඟයෙන්ම දුසැරියට එරෙහි යැයි ප්‍රකාශ කළ නොහැකි බවයි.
 
  
"මෙවන් විධිමත් යාන්ත්‍රණයක් හමුවේ ඔබවෙත සැබෑ මහජන නියෝජිතයෙක් වීමේ ස්වර්ණමය මඟක් විවරව ඇති මෙවන් අවස්ථාවක එකී වත්කම් හා බැරකම් ප්‍රකාශ කොට ඔබ පිළිබඳ විනිශ්චය ඔබගේ ජන්දදායකයන් වෙත පවරා දීම කදිම හා ආදර්ශවත් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමු."
 
එමෙන්ම ඉහත සෙසු කරුණු වලට අදාළ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් හරහා ඊට අදාළ නීතී පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකි බව පවසන රෝහන හෙට්ටිආරච්චි ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා‌ සිටින්නේ  එහි පෙරගමන්කරු වන ලෙසයි.
 
 
"ඔබ එයට අසමත් වුවහොත් ඔබ යහපත් පුද්ගලයෙකු වුවද ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔබගේ වගකීම පැහැරහැරියා වනු ඇත. එම කටයුතු හරහා ඔබ දූෂණයට විරුද්ධ අයකු බව සමාජය ඉදිරියේ ඔප්පු කළ හැකිවනු ඇත."
 
  
දේශපාලනඥයන් සතු වත්කම් ප්‍රදර්ශනය නොව ඒවා පිළිබඳ යම් සංසන්දනාත්මක විග්‍රහයක් ඔස්සේ පුරවැසියා ප්‍රාර්ථනා කරන යහපත් මහජන නියෝජිතයෙක් තෝරාගැනීම සඳහා ඔවුන් වෙත ඇති ඉඩප්‍රස්ථා වඩාත් පුළුල් කිරීමේ පරම අභිලාශය දේශපාලනඥයන් සතු බවත් රෝහන හෙට්ටිආරච්චි සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරයි.
 
පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව සම්බන්ධයෙන් විභාග කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද නියෝගයකින් අනතුරුව තිරුකුමාර් නඩේසන් පසුගිය සතියේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණ තිබුණි. 
 

 

 

 


 

 

THE LEADER TV 
 
 
 

ලොකු අනතුරක් අත ළග?

 
  
පවුලේ හොරුන්ට 'ස'ගෙන් කනේ පාරක්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්