රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ඉදිරියට ගියොත්, දැනට කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුනේදී යළි
ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
 
එහිදී රජය අවංකව හා මිනිසුන් සිතන විදිය ගැන තේරුම් ගෙන මහජනයාගේ අපේක්‍ෂාවන්ට මුල් තැන දී කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.
 
එසේ නොවුණොත් කොතරම් අතීතය අධ්‍යයනය කර නිවැරදි කියවාගැනීමක් කළත් අරමුණු ජයගැනීමට නොලැබෙන බව ද ඇමතිවරයා අවදාරණය කර සිටියි.
 
ඇමති විමල් වීරවංශ එබව සඳහන් කළේ කටුබැද්ද, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ (11) පැවති වැඩසටහනකට එක්වෙමිනි.
 
මෙය ජනාධිපති ප්‍රමුඛ රජය දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදුකරමින් සිටින අවස්ථාවක් බව කී ඇමතිවරයා, රජයෙන් වූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතු දේ හරියට තේරුම් ගෙන තක්සේරු කර ඉදිරියට ගියහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීමට හැකිවනු ඇතැයි ද ප්‍රකාශ කළේය.
 
පොදු ජනතාවගේ අපේක්‍ෂාව වූයේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් හෝ වෙනත් ඕනෑම ජාතික උවමනාවක් වෙනුවෙන් ගත යුතු තීරණ ගැනීම කර අරින්නේ නැති පාලන තන්ත්‍රයක් බව කී ඇමතිවරයා, පොදුජනයාගේ එම අපේක්ෂා සමඟ සෙල්ලම් කරන්නට හෝ විශ්වාසයට පිටුපාන්නට රජයට අයිතියක් නැතැයි ද පැවසීය.
 
වසංගතයක් සමඟ ජීවත්වීමට සිදුවූ නිසා රජය විසින් කළ යුතුව තිබූ සමහර දේවල් මගහැරී ඇති අතර විශේෂ අවධානය යොමුකළ යුතුව තිබූ දේවල් නොවී ඇතැයි කී ඇමතිවරයා ඒවා වෙනස් කරගන්නට තාමත් කල් තිබෙන බව ද සඳහන් කළේය.
 
  
අමාත්‍ය විමල් වීරවංශ මෙම කාරණා අවදාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 10 දා අනුරාධපුරයේදී ජනතාව හමුවේ සිදුකල ස්වයං විවේචනයට ප්‍රතිචාරයක් ලෙස බව පෙනේ. 
 
 
''නිදහසට කරුණු කියන්නේ නැහැ''
 
 
ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 10 අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයේදී කියා සිටියේ, බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බව පැවසු ජනාධිපතිවරයා, තමා නිදහසට කරුණු ඉදිරිපත් නොකරන බවත් ඉදිරියේ දී නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට තමා ජනතාවට පොරොන්දු වන බවත් සඳහන් කළේය.
 
''නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැ''යි  ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය. 
 
දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 
 
 
 

THE LEADER TV 
 
ලොකු අනතුරක් අත ළග?
 
 
පවුලේ හොරුන්ට 'ස'ගෙන් කනේ පාරක්! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්