එජාපෙ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන අර්බුදය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතර ඊයේ (21) රාත්‍රී පැවති සාකච්ජා අතිශයින් පලදායක වී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එජාප සභාපති කබීර් හෂීම්, හිටපු සභාපති මලික් සමරවික්‍රම හා රන්ජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් එම සාකච්ජා වලට එක්ව ඇති අතර ඔවුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතැයි එම ආරංචිමාර්ග කියා සිටියි.

ජනමත ගැන තමාට හොඳ අවබෝධයක් ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදී කටයුතු කිරීමට සුදානම් බව අගමැතිවරයා එහිදී සඳහන් කර ඇති බවත්, තමාවෙත ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු කිහිපදෙනාට ද පැහැදිලි කරන්නැයි අගමැතිවරයා එහිදී අමාත්‍යවරුන් තිදෙනාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇතැයි ද පැවසේ.

රාජපක්ෂ පාලන සමයේ සිට රාජපක්ෂවරුන් සමග සමීප ඇසුරක් පවත්වා ගනිමින්, ව්‍යාපාරික කටයුතු වල නිරතවූවකු ලෙස සැලකෙන වජිර අබේවර්ධන අමාත්‍යවරයා, යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුවද රාජපක්ෂවරුන්ට ප්‍රසිද්ධියේම ආධාර උපකාර කළ අයකු බවට චෝදනා එල්ල වූවෙකි. රාජපක්ෂ පාලන සමයේ සිටි ප්‍රබලතම දේශපාලන නිලධාරියා වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්, වජිර අබේවර්ධනගේ සමීපතම මිතුරා ලෙස සැලකේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්