ඌව පළාතේ කෘෂිකර්මයෙන් ජීවත් වෙත බහුතරයක් ඉන්න ප්‍රදේශවල පන්සලට දන් මුරය දීගන්න බැරි තරමට ජනතාව අන්ත අසරණ වෙලා යැයි හිටපු
දකුණු පලාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ඔහු එබව කියා සිටියේ, පස්සර, හාලිඇළ, ඇල්ල ප්‍රදේශවල දුෂ්කර පන්සල්, පිරිවෙන් හා භික්ෂුනී මධ්‍යස්ථාන ගණනාවක සංචාරය කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
''ඌවේ ගොවිතැනින් ජීවත්වෙන ප්‍රදේශවල මොන සම්පත නැති වුනත්, ආහාර පාන වලින් අඩුවක් තිබුණේ නෑ. ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පන්සලට දානේ වේලක් දෙන්න බැරි කරලා. කුඹුරු පිදුරු වෙලා, බුද්ධ පුජාවට තියන්නේ පාකිස්තාන් නාඩු හාල්වලින්.
වී, එළවළු, අර්තාපල්, බඩ ඉරිඟු, හරිතාගාර වගාව විනාශ කර වතු සමාගම්වලට පමණක් ආණ්ඩුව පොහොර දෙනවා කියනවා. ආණ්ඩුවට දන්නේ නෑ මේ රටේ තේ නිෂ්පාදනයෙන් 70% කට වැඩියෙන් නිෂ්පාදනය කරන්නේ කුඩා තේ වතු හිමියෝ කියලා. ඒ අයට, දිලීර නාශක, වල් නාශක නැතිව වතු සමාගම්වලට විතරක් පොහොර දීලා හරියන්නේ නෑ.
මේ ආණ්ඩුව යටතේ සතුටෙන් ඉන්නේ බටු පණුවෝ, කරවිල පණුවෝ, ගෝවා පිපියෝ, කළු පණුවෝ, බෝංචි මැස්සෝ විතරයි.
දැනටමත් එළවළු, පළතුරු, අල වගාවේ අස්වැන්න 40% කින් අඩුවෙලා. වැලිමඩ, හාලිඇළ, ඌව පරණගම, බණ්ඩාරවෙල බෝංචි වගාව දුඹුරු පුල්ලි රෝගයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.

බෝංචි වගාව දුඹුරු පුල්ලි රෝගයෙන් සම්පූර්ණයෙන්ම විනාශවෙලා
කෘෂිකර්ම අමාත්‍යාංශයට වියත්මගෙන් මහාචාර්ය උදිත් ජයසිංහ කියලා ලේකම් කෙනෙක් පත්කළා. දැන් එයා ගේ ගෝලයින්ට කාෂිකර්ම කේෂ්ත්‍රයේ රස්සාවක් දෙන්නේ නෑ. තව ටික දවසකින් එයාගේ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම උපාධිධාරියෙකුට ගුරු පත්වීමක් ගන්න බැරි වෙනවා.
ජනාධිපතිතුමාට මේ කාබනික පොහොර ලනුව ගිල්ලව්වේ අතුරලියේ රතන හාමුදුරුවෝයි, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය දෙන්නා තමයි. දැන් අතුරලියේ රතන කෘෂිකර්මය ඉවර කරලා සංගීත වැඩසටහනක් පටන් අරගෙන.
ලගදීම දවසක බටු පණුවෝ - කළු පණුවෝ අතුරලියේ රතනටයි, පාදෙණියටයි උපහාර උත්සවයක් තියනවා. රටේ මිනිස්සු බඩගින්නේ තියලා තමන්ට ඇති තරම් කන්න අල-එළවළු-පළතුරු-මල් යායක් හදලා දුන්නාට.
චීන කක්කුසි වලට වැටුණු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැන් ගොවියාගේ සැබෑ ප්‍රශ්න සියල්ල අමතක වෙලා. කාබනික පොහොර මර උගුල චීන - ඉන්දියානු බල අරගලයේ කොටසක් වෙලා. ලාබෙට දෙන ඉන්දියන් කාබනික පොහොර දිහා බලන්නේ නැති කෘෂිකර්ම අමාත්‍යාංශය චීන අශුචිවල ගඳ අඩුවෙනකල් බලාගෙන ඉන්නවා.

සබැඳි පුවත්
THE LEADER TV
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් !
ලොකු අනතුරක් අත ළග?