අමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම රටට අහිතකර බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු එබව සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රී ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමිනි.
අදාළ ගිවිසුම තවමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව ඔහු සඳහන් කළේය.
“17වනදා රාත්‍රියේ අත්සන් කරපු ගිවිසුම අපි දැකලා නෑ. ඒ ගිවිසුමේ වගන්තිය අනුව ගෑස් සැපයිමේ ඒකාධිකාර්යය හිමි වෙනවා නිව් ෆෝට්රස් සමාගමට. චීනය වගේ නෙමේ ඔබ දන්නවා අමෙරිකාව අපේ රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගහනවා, අනාගතේ යම් දවසක රට ෆෙඩරල් කරපන් නැත්නම් රට අඳුරේ තියනවා කියන්න මේ ගෑස් යතුර අතේ තියෙන මේ අමෙරිකාව කියන්න පුළුවන් වෙනවා.
ඒ වගේම මේ රට නැටවීමේ මැජික් යතුර බවට මේ ගෑස් ඒකාධිකාරය පාවිච්චි කිරීමට අමෙරිකාවට හැකියාවක් තියෙනවා. ඒකේ අවදානමක් තියෙනවා. කවුරු අත්සන් කරත් වැරදි දේ වැරදිමයි.”
ප්රශ්නය – ඔබතුමා හිතනවාද මේ ගිවිසුම ආපසු හරවන්න පුළුවන් කියලා?
පිළිතුරු – සමහර දේවල් තියනවා කියලා කරන ඒවා. සමහර දෙවල් තියනවා කරලා කියන ඒවා. මේක අයිති වෙන්නනේ කරලා කියන ඒවාට.”
ගම්මන්පිල අමාත්‍යවරයා එසේ පවසද්දී, ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ රාත්‍රී අනාවරණය කර සිටියේ, නිව් ෆෝට්රස් ගිවිසුමේ තවත් දිගුවක් අද (12) අත්සන් කිරීමට නියමිත බවයි.
ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් පැවසුවේ, නිව් ෆෝට්රස් සමාගමේ විධායක නිලධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බවට තොරතුරක් ලැබී ඇති බවයි.
නිව් ෆෝට්රස් සමාගමත් සමග රටට හෙළිදරව් නොකර හොර රහසේ අත්සන් කිරීමට සූදානම් වන ගිවිසුම කුමක්ද යන්න පිළබඳව අද උදෑසන වන විට හෙළිදරව් නොකළ හොත් දවල් 12.00 වනවිට විදුලිබල ක්ෂේත්රයේ ගන්නා ඉදිරි ක්‍රියා මාර්ගය පිළිබඳව තීන්දුවක් ගන්නා බවට රන්ජන් ජයලාල් ආණ්ඩුවට අනතුරු අඟවා සිටියේ ය.
ගිවිසුම් ගහලත් ඉවර ලු !
මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ, ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස් සමාගම (LTL ) අලුතින් ඉඳිකිරීමට යෝජිත කෙරවලපිටිය 'සුබදනවී' LNG විදුලි බලාගාරයේ ආයෝජන සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඇමරිකානු නිව් ෆොට්රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අද(12) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.
මේවනවිට ඇමරිකානු සමාගමේ නිලධාරීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙරටට පැමිණ සිටියි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් සමග යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ඇතිකර ගත් එකඟත්වය මත ඊට අදාල ගිවිසුම්වලට මේවනවිට දෙපාර්ශවය ම අත්සන් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සබැඳි පුවත් :
රාජපක්ෂ පවුල් කැබිනෙට්ටුව යුගදනවි රහසේ විකුණපු හැටි අනුර හෙළිකරයි
THE LEADER TV
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් !
ලොකු අනතුරක් අත ළග?