මතකය සහ ඉතිහාසය අතර: 'යුද්ධයෙන් දශකයකට පසු ශ්‍රී ලංකාව' - සංවාදශීලී කතිකාවත, 2021 ඔක්තෝබර් 15 (සිකුරාදා) ප.ව. 5.00 - 6.00 දක්වා Zoom ඔස්සේ.
ලංකාවේ ඉතිහාසය පිළිබඳව විහඟ පෙරේරා විසින් ලියනලද Between memory and History : Sri Lanka a Decade after the War නැමති නිබන්ධයක් මෙම සංවාදශීලී කතිකාවතට මූලාශ්‍ර වෙයි.
ලංකාවේ නිල අධ්‍යාපනය විසින් දසක ගණනක් තිස්සේ උගන්වන හා රාජ්‍යය නිල වශයෙන් පිළිගනු ලබන ඉතිහාසය පිළිබඳ මතවාදය එමගින් ප්‍රශ්න කෙරෙන අතර හා වත්මන් සමාජ අර්බුදය කෙරෙහි එම ඒකරේඛීය මතවාදය විසින් ඇති කර තිබෙන බලපෑම එමගින් පෙන්වා දෙයි.
විහඟ පෙරේරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයකු වන අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා විදෙස්ගතව සිටී.
ඔහු කවියකු මෙන්ම කෙටිකතාකරුවකු ද වේ. ග්‍රේෂන් සම්මානය සඳහා දෙවතාවක්ම ඔහුගේ කෘති දෙකක් නිර්දේශ විය. එමෙන්ම ඔහු පර්යේෂකයෙකි, ලේඛකයෙකි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ කැඳවුම්කරු, ජනමාධ්‍යවේදි රෝහිත භාෂණ අබේවර්ධන මෙම සංවාදයේදී අදහස් දැක්වීමට නියමිතය.
සංවාදය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදි ජයසිරි ජයසේකර යි.
ඔබත් එකතුවන්න
Topic: Webinar on History And Memory - Decade after Post Conflict in Sri Lanka
Time: Oct 15, 2021 05:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/ 82910901165
Meeting ID: 829 1090 1165
THE LEADER TV
කටින් පුටින් - වැඩ ටින් ටින්
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ?