වයඹ පළාතේ ඉපදී හැදී වැඩුනු තමන්ට වයඹ මහ ඇමති සටනේදී අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නොහොත් චිචී  කිසිදු ආකාරයක අභියෝගයක් නොවන බව බතික් අත්යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය
ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
 
කුරුණෑගල පැවති රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
යෝෂිත රාජපක්ෂ ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධූරයට තරඟ කරන බවට රාවයක් පමණක් පැතිර ඇති බවද ඔහු ඒ සඳහා පැමිණෙනවාද නැද්ද යන්න එදිනට තීරණය කළ හැකි බවද දයාසිරි ජයසේකර  සඳහන් කළේය.
 
 
ඇමතිවරයා වැඩි දුරටත් මෙසේද පැවසු බව lankadeepa.lk වාර්තාකර ඇත.
 
 
 
''ඔය කියන කවුරුත් වයඹ පළාතේ ඉපදුනු මට අභියෝගයක් නොවෙයි. වයඹ පළාතේ ජනතාව එදා වගේම අදටත් මට හොඳින් සලකනවා. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණයේදීත් වයඹ ජනතාව මට හොඳින් සලකයි කියලා මම විශ්වාස කරනවා.
 
මේවනවිට රටේ ඇති වෙලා තියෙන පොහොර ප්‍රශ්නය මට නම් බලපෑමක් ඇති කරලා නැහැ. මොකද ගමේ ඉන්න මා ගැන ගමේ ජීවත් වෙන ගොවියෝ හොඳට දන්න නිසා. මේ දයාසිරි ජයසේකරට ඔය අනික් අයට වගේ ගමට යන්න බැරි තත්ත්වයක් නම් උදා වෙලා නැහැ. මම හැමදාමත් හිටියේ ගමේ ජනතාවත් එක්ක. ඉදිරියටත් මම ඉන්නේ ගමේ ජනතාව සමගයි.
 
මේ කාබනික පොහොර ප්‍රශ්නයට ඉක්මණින් විසඳුමක් ලබා නොදුන්නොත් ඒක ජනාධිපතිතුමා වගේම මේ රජයත් විනාශ කරලා දමන ප්‍රශ්නයක් බවට පත් වෙයි යැයිද ජයසේකර ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 
කෙසේවුවද මේවනවිට පුවත් මවන්නකු බවට පත්ව සිටින රෝහිත රාජපක්ෂ පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ ප්‍රසිද්ධ දේශපාලනයට ඒමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවයි.
 
 
 
 
 
 
 
රග්බි චිචී ක්‍රිකට් පිටියටත් එයි !
 
මේ අතර ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය උපුටා දක්වමින් news19.lk වාර්තා කර ඇත්තේ, රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති බවයි. 
 
හිටපු රග්බි ක්‍රීඩකයෙකු වූ රෝහිත මීට පෙර යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළේය. 
 
ආරංචි මාර්ග වලට අනුව මේ වන විට ඔහු කළුතර නගර ක්‍රීඩා සමාජය සඳහා මග්ගොන සරේ විලේජ් හි පුහුණු තරගයක් ක්‍රීඩා කරමින් සිටියි.
 
එළඹෙන ඕවර 50 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා එම ක්‍රීඩා සමාජය අද පුහුණු තරඟයක් සංවිධානය කර ඇති අතර රෝහිත ද එම පුහුණු තරගයට ක්‍රීඩා කරන බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය පවසයි.
 
ඕවර 50 තරඟාවලිය ඔක්තෝබර් 27 දා ආරම්භ වීමට නියමිත අතර ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරඟාවලියට පෙර එම තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව බලාපොරොත්තු වේ.
 
කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් ජාතික සුපර් ලීග් තරඟාවලිය ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතයි.
 
ජාතික සුපර් ලීගය ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී දින හතරේ පළමු පෙළ තරඟ සහ පන්දුවාර 50 තරඟ ලෙස පැවැත්වේ.
 
 
 
THE LEADER TV 
 
කටින් පුටින් - වැඩ ටින් ටින්
 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්