1200 x 80 DMirror
 
 

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාස පහකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට
අධිකරණය නියෝග කොට තිබේ.
 
දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
 
 රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් ඔක්තෝබර් 13 වැනි බදාදා අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.
 
 වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැදවු විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර ඇත්තේ සැකකරුවන්  ලබන 25  තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.
 
 නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ වසරේ මැයි 18 දා පැවති සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.
 
 අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.
 
 අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.
 
walachchena 

THE LEADER TV 
 
උකුස්සා දෙක සූදානම් | මොණරවිලගේ ලියමන 
 
 
ඇන්දෙන්න එපා සර්? | "ස" ගේ දැනගැනීම පිණිසයි. 
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58