උපාලි අබේරත්න සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසමේ නිගමනවලට එරෙහිව හිටපු අමාත්‍ය  පාඨලි චම්පික රනවක (PCR ) විසින් ගොනුකර තිබු

පෙත්සම අද (14දා) සවස 1.00 ට අභියාචනා අධිකරනය ඉදිරියේ කැඳවීමට නියමිතය. 

 
පෙත්සම්කාර පාඨලි චම්පික රනවක වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිශ්මාල් වර්ණසුරිය පෙනි සිටියි. 
 
පාඨලී චම්පික රනවක පෙත්සම්කරු ලෙස ආයාචනය කර සිටින්නේ, උපාලි අබේරත්න සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඤාවක් මගින් බලරහිත කරන ලෙසත්, එකී කොමිසන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය.
 
 ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ද ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.
 
 
යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න සහ තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.
 
 
ජනාධිපතිවරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරනය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් ද පිහිටුවන ලදී.
 
උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආන්ඩුව යටතේ පිහිටුවා තිබුන දුෂන විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරන මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.
 
එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රනවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා, රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
 
විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරද කරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.
 


THE LEADER TV 
 
උකුස්සා දෙක සූදානම් | මොණරවිලගේ ලියමන 
 
 
ඇන්දෙන්න එපා සර්? | "ස" ගේ දැනගැනීම පිණිසයි. 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්