මාතර දේශපාලනයේ අප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු වූ නාදුගල රන්ජිත් ප්‍රියලාල් අද (14) උදැසන අභාවප්‍රාප්ත වී ඇත. 
 
මියැදෙන විට 57 වන වියෙහි පසු වූ මොහු පසුගිය සති කිහිපයක කාලයක් පිළිකා රෝගී තත්වයෙන් යුතුව ප්‍රතිකාර ලබමින් සිටියේය. 
 
මාතර ශාන්ත තෝමස් විදුහලේ කීර්තිමත් ආදී සිසුවකු වන රන්ජිත් ප්‍රියලාල්, පාසල් සමයේදී එම විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සැරයන්වරයකු ලෙස විදුහලට කීර්තියක් අත්කර දුන් අයෙකි. 
 
ප්‍රදේශයේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ඔහු ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවකු ලෙස සේවය කළේය. 
 
ඔහු පාසල් සමයේ සිට ම සමාජ හා දේශපාලනයේ ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූ අයෙකි. 
 
බී.වයි. තුඩාව, මහින්ද විජේසේකර, මංගල සමරවීර, ඩලස් අලහප්පෙරුම ආදී මාතර ප්‍රකට දේශපාලන නායකයින් සමග සමීප ඇසුරක් පැවැත්වූ රන්ජිත් ප්‍රියලාල් , ඒ දේශපාන ඇසුර හරහා ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ අයෙකි.
 
ඩලස් අලහප්පෙරුම ප්‍රසිද්ධ දේශපාලනයට එක්ව පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේදී ඔහුගේ පළමු රැස්වීම සංවිධානය කර තිබුනේ ද රන්ජිත් ප්‍රියලාල් ගේ නාදුගල නිවසේය.  
 
මියගිය රංජිත්ගේ දේහය මේවනවිට මාතර ඔහුගේ නුපේ නිවසේ තැම්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරුවේ මාතර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. 
 
රංජිත්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් සොව පළකරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාව මෙවැනි සටහනක් පළකර තිබිණ. 
 
sasasds 


THE LEADER TV 
 
උකුස්සා දෙක සූදානම් | මොණරවිලගේ ලියමන 
 
 
ඇන්දෙන්න එපා සර්? | "ස" ගේ දැනගැනීම පිණිසයි. 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්