ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වාගෙන යාම භාර ප්‍රධාන නිලධාරියා උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීම සම්බන්ධයෙන් කතෝලික සභා නායකයකු හමුවේ

හේතු දක්වා තිබේ.

 
උතුරේ සංචාරයක යෙදෙන පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය 13 දා යාපනයේ රදගුරුවරයා හමුවී ඇත.
 
''උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීමට හේතුව රැකියා හිඟකම බව පොලිස්පතිවරයා මා සමග ප්‍රකාශ කළා,'' යි රදගුරු ජස්ටින් ඥාණප්‍රගාසම් හිමිපාණෝ රදගුරු නිවසේ හමුවෙන් අනතුරුව උතුරේ මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළහ.
 
''පොලිසිය හමුදාව නොවන බව මම ඔහුට කියා සිටියා. පොලිසිය ජනතාව සමග වැඩියෙන් ගැවසෙමින් ඔවුන් සමග යහපත් සම්බන්ධයක් ඇති කර ගත යුතුයි. අපට තවත් දෙමළ පොලිස් නිලධාරීන් අවශ්‍ය බවත් මම ඔහුට කියා සිටියා. දැනට ඉන්නේ පන්සීයක් විතරයි.''
 
විරැකියාව නිසා සමාජ විරෝධී කටයුතුවල නිරත වන්නට පෙළඹෙන තරුණ පිරිස්වල‍ට දඩ ගැසීම් ආදී දඬුවම් දීමෙන් හැකි පමණ වැළකී පොලිසිය ඔවුන් පැය කිහිපයක් රඳවා තබාගෙන ගුරුහරුකම් දීමේ යෝග්‍යතාව පහදා දුන් බවත් රදගුරු ජස්ටින් ඥාණප්‍රගාසම් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
 

THE LEADER TV 
 
ජනපති පන්නන බැසිල්ගේ මොහෙයුම! | The Leader TV Gossip එක 
 
 
අන්තිම ජාතිය ඇමතීම | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්