බන්ධනාගාර රැදවියන් දෙදෙනකුට අමානුෂික ආකාරයෙන් පහරදී දරුණු වධ හිංසාවට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටින අඟු‍ණකොළපැලැස්ස

බන්ධනාගාරයේ නියාමකවරුන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

 
එම වධබන්ධනය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
 
චෝදනා ලබන නියාමකවරුන් පස් දෙනා විනය පරීක්ෂණයකට යටත්ව වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වැඩි දුරටත්  මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ එම බන්ධනාගාර නියාමකවරුන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බවයි.
 
එක් පරීක්ෂණයක් බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයකු විසින්  සිදුකරන අතර අනෙක් පරීක්ෂණය අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා විසින් සිදුකරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  සඳහන් කරයි.
 
පොලිස් ප්‍රකාශක නිහාල් තල්දුව කොළඹ පදනම් කරගත් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නට නියමිත බවයි.
 
“කිසිම තත්වයක් යටතේ එවැනි හැසිරීමක් අනුමත කරන්න බැහැ,” යි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
 
  
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසන පරිදි  ඔක්තෝබර් 09 වැනිදා රාත්‍රි‌යේ බන්ධනාගාරය තුලදී පහරකෑමට ලක්ව ඇත්තේ, අඟුණකොළපැලැස්ස නගරයේ පදිංචි ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ දෙදෙනායි.
 
 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ  බන්ධනාගාරයේදි සිදු කළ අමානුෂික පහර දිම හේතුවෙන් දුලන්ත රාජපක්ෂ මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙනි.
 
ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ සමීප ඥාතියකු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා පවසයි.
 
පහර කෑමට ලක් වු  අමිල කුමාරසිංහ මාතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව සුදේශ් නන්දිමාල් සිල්වා වැඩි දුරටත් සදහන් කරයි.
 
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනා වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් එම පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න  ඔක්තෝබර් 11 වැනිදා  නියෝග කර තිබුනි.
 
 
 
 
සබැඳි පුවත :
 
 

THE LEADER TV 
 
චිචීට ගහන්නේ බැසිල් බාප්පා ද? | The Leader TV | Gossip
 
 
 
 
අන්තිම ජාතිය ඇමතීම | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image