පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් වින්දිතයන් බවට පත්වූ සියළු දෙනාට සාධාරණයක් කරන ලෙස ඉල්ලා

එක්සත් රාජධානියේ ජීවත් වන ශ්‍රි ලාංකිකයන් පිරිසක් විසින් ඊයේ (16) පස්වරුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.

 
 ලංකාවේ වර්තමාන රජය බලයට පත්වන විට ලබාදුන් ප්‍රධානම පොරොන්දුව වන පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඩුවම් ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී උද්ඝෝෂකයන් රජයට බලකර සිටියහ.
 
ඉතාලිය,  ප්‍රංශය, ඇමරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක ජීවත් වන ශ්‍රි ලාංකිකයන් විසින්‍ පවත්වනු ලැබූ උද්ඝෝෂණ රැල්ලේ තවත් එක පියවරක් ලෙස ලන්ඩන් නුවරදී ඊයේ  මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.
 
පාස්කු ප්‍රහාරයට අමතරව රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කරන ලෙස මෙන්ම මේ වන විට ලංකාවේ ජීවත් වන ජනතාව මුහුණ දී ඇති පීඩනයන්ට විසඳුම් ලබාදෙන ලෙසද පිරිස විසින් රජයට බලකර සිටියහ.
 
ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන් වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ ශ්‍රි ලාංකිකයන් පිරිස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුබ රජයට බලකර සිටියේ රට තුල වරින් වර හිස ඔසවන ජාතිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන ලෙසයි.
 
 සියළුම ජනකොටස් වලට සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් රට තුල ස්ථාපිත කරන ලෙසද බ්‍රිතාන්‍යයේ ජීවත් වන ශ්‍රි ලාංකිකයන් පිරිස ලංකාවේ රජයට බලකර සිටියහ.
 
 උද්ඝෝෂණය සඳහා එක්සත් රාජධානියේ ජීවත් වන විවිධ වෘත්තිකයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියේය.
 
 
සටහන :
තිලාන් ජයසේකර 
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට
 
 
'එක්‍සත් රාජධානියේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ එකතුව' විසින් පාස්කු වින්දිතයන්ට සාධාරණය සහ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ජයාරූප කිහිපයක්. 
 
001
002
003
004
005
006
007
008
009
010
 

 
පාස්කු ප්‍රහාරකයන් හෙළිදරව් කරන ලෙස රජයට බලකරමින් ලංඩනයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් විසින් පැවත්වූ උද්ඝෝෂණයේදී ජනතා විමුක්ති පෙරමුනේ එක්සත් රාජධානියේ නියෝජිත දර්ශණ හෙට්ටිආරච්චි විරෝධතා කරුවන් අමතන අතර මෙගාෆෝන් ක්‍රියාකරවමින් සහයෝගය දක්වන්නේ පෙරටුගාමී ⁣පක්ශයේ නියෝජිත සේනක හෙට්ටිආරච්චි ය.  (සටහන හා ජයාරූප - අනුරුද්ධ ලොකුහපුආරච්චි)
 

 
 
ලංඩන් විරෝධතාවයේදී හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දියණිය කල කතාව සම්පූර්ණයෙන් මෙහි දැක්වේ.
 

 
 (ජයාරූප + වීඩියෝ  : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ හා තිලාන් ජයසේකරගේ ෆේස්බුක් පිටුවලින්..)
 
 

 


 

THE LEADER TV 
 
 

බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි 

 

 

 
අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්