ජර්මනියට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලෙන් යළි පිටත්වීමේදී සිදු වූ ප්‍රමාදය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ නිමවෙත තෙක් ඊට

අදාළ රාජකාරී සිදුකළ නිලධාරීන් තිදෙනෙකු එම රාජකාරීවලින් තාවකාලිකව ඉවත් කර ඇත. 

 
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙණ විමර්ෂණය අවසන් වන තෙක් එම පියවර ගත් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි 'නෙත් නිවුස්'  කළ විමසීමකදී පවසා තිබේ.
 
ජර්මනියේ ෆ්‍රැන්ෆට් නගරයේ සිට මාලදිවයින දක්වා ගුවන් මගීන් 226 දෙනෙකු රැගෙන ගමන් ගනිමින් තිබූ ජර්මනියේ Condor Air ගුවන් සමාගමට අයත් බෝයිං 767 වර්ගයේ DE2320/26SEP දරණ ගුවන් යානය ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට 2021 සැප්තැම්බර් 26 දින හදිසියේ ම ගොඩබස්වා තිබිණ. 
 
එම ගුවන් යානය නැවත පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ නියමිත ගාස්තු ගෙවීම සඳහා පැයකටත් වැඩි කාලයක් ගත කිරීමට එම ගුවන් සමාගමේ නිලධාරීන්ට සිදුවු බවට මාධ්‍ය විසින් වාර්තා කළේය.  ගුවන්තොටුපළේ තිබූ ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍ර කිහිපයක් අක්‍රියවීම ඊට හේතුව බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් විය. 
 
අදාළ ජර්මන් ගුවන් යානය වැඩිපුර කාලයක් කටුනායක ගුවන් තොටුපලේ රැදී සිටීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 48 ක ප්‍රමාද ගාස්තුවක්ද ගුවන්තොටුපළ බළධාරීන් අයකර තිබේ.
 
මෙම සිද්ධියට පාදක වූයේ ගුවන්තොටුපළ යන්ත්‍රවල දෝශයක්ද නැතහොත් අදාළ ගුවන් සමාගමේ ක්‍රෙඩිට් කාඩ්පතේ දෝශයක්දැයි මේ වන විට විමර්ෂන ක්‍රියාත්මකයි. 
 
 
 
 
සබැඳි පුවත් :

THE LEADER TV 
 
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්