ගුරු වැඩ වර්ජනය සංවිධානය කරන ජෝසප් ස්ටාලින්ට බිත්තර ගැසීම නොව රජ කාලේ දඬුවම් දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු
මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
ගාලු මෝදර පිටියේ ස්ටාලින් උල තබා මෙම ප්රශ්නය විසඳීමට හැකිනම් තමන් ඒ සදහාද කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ සඳහා තමනට පෞද්ගලිකව මැදිහත් විය හැකි නම් ඒ සඳහා ද තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.
එස් එම් චන්ද්‍රසේනගේ මාධ්‍ය සංදර්ශන !
මේ අතර අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ද පසුගියදා (14) දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ගුරුවරුන්ට තර්ජනය කළේය.
එසේම ඔහු දෙමාපියන් පිරිසක් ලෙස තමන්ගේ හිතෛෂී සහචරන් නිවසට ගෙන්වා ඔවුන් මාර්ගයෙන් ගුරුවරුන්ට තර්ජනය කළේය .
ලබන විසි එක් වන දා ගුරුවරුන් පාසල් නොපැමිණෙන්නේ නම් ගුරුවරුන්ගේ නිවෙස් වටලන බවත්, තමන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
මෙහි විහිලුකාරි සිද්ධිය වන්නේ දෙමාපියන් ලෙස පැමිණි බොහෝ දෙනකු ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වීමයි .
ඒ සඳහා කදිම උදාහරණය මෙහි සුදු සාරියෙන් සැරසී සිටින කාන්තාව අනුරාධපුර මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරිය කි .
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පලවී ඇති සටහනක මෙසේ සඳහන් වේ.
''ඉඩම් කොල්ලකෑමට ව්‍යාපාරිකයන් ලෙස වෙස් ගන්වා චෞරයන් රැගෙනවිත්, ජනයා මුලා කොට ඉඩම් කොල්ලකෑවා ට, දෙමාපියන් ලෙස වෙස් ගන්වා තම ඇම්බැට්ටන්, බත්බැලයන් රැගෙනවිත් නාඩගම් නැටුවද ඒවාට රැවටීමට තරම් අඥාන වූ ,අදම ගුරුවරුන් වත්, දෙමාපියන්වත්, ශිෂ්‍යයන් වත් නොමැතිබව මෙම මස විසි එක් වන දින චන්ද්‍රසේන විසින් වටහා ගනු ඇත . චන්ද්‍රසේන පමණක් නොව ආණ්ඩුවත් ඔවුන්ගේ සහචරයනුත් ,ගෝලබාලයන් සියලු දෙනාම හොඳින්ම වටහා ගනු ඇත.''
''අපි ලෑස්තියි.. ” – ගුරු සංගම් කියයි
මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ, මේ දිනවල විදුහල්පතිවරුන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබෙමින් පවතින බවයි.
කෙසේවුවද, ගැටලුව විසඳන්නේ නම් පමණක් 21 වනදා පාසල් ආරම්භ කිරීමට ගුරුවරුන් සූදානම් බව බව එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ, ගුරුවරුන්ට තර්ජනාත්මක ඇමතුම් දී ගුරු සටන අඩපණ කිරීමට උත්සාහ දරන්නේ නම්, එය නිෂ්ඵල ක්‍රියාවක් බවයි.
බුද්ධි අංශයේ යැයි කියමින් බණ්ඩාරගම කොට්ඨාස ගුරුවරුන්ට ලබාදී ඇති බව කියන දුරකතන ඇමතුම් කිහිපයක් පිළිබඳව ද ජයසිංහ කරුණු හෙළි කළේ ය.
ඔහු තවදුරටත් මෙසේ ද පැවසිය.
''සරත් වීරසේකර මහත්තයෝ මං දෙනවා දැන් දුරකථන ඇමතුම් තුනක් . බණ්ඩාරගම කොට්ඨාස ගුරුවරුන්ට දීපු බුද්ධි අංශය කියලා දීපු ඇමතුම්. මොනවද කියලා තියෙන්නෙ 21 එන්න ඕන ඉස්කෝලෙට, ආවෙ නැත්නම් උස්සනවා . 071 244 7993, 0705464412, 0774845050 …පුළුවන්නම් හොයන්න මේ දුරකථන අංක කාගේද ,මොනවද ඇත්ත බුද්ධි අංශය ද මේ වගේ සෙල්ලම් වලින් අපේ සටන අඩපණ කරන්න බැහැ”
21 ඇරැඹෙන පාසල්වට අලුත් පිරිසක්
මේ අතර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී ඇත්තේ, ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්න ලෙසයි.
මේ මස 21 වැනි දා එම පාසල් විවෘත කරන හෙයින් එම අභ්‍යාසලාභීන් පාසල්වල සේවයට යොදවන්නැයි ද ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත.
THE LEADER TV
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි