දෙමාපියන්යැයි හදුන්වාගත් පිරිසක් මහනුවර රාසිංදෙව් කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයාට නොදන්වා පාසල ශුද්ධ පවිත්‍ර කිරීමට යැයි එම පාසලට
පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදකාරී තත්ත්වයක් හටගෙන ඇත.
පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ මෙම පිරිස රජයේ ආයතනයක් වන පාසල් භූමියට ඇතුළු වීමට උත්සහ කර ඇත්තේ තමන්ව කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමකින් නොවන බවයි.
පසුව දෙමාපියන් යැයි තමන්ව හදුන්වාගත් පිරිස විදුහල්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර එහිදී හෙළිදරව් වී ඇත්තේ මෙම පිරිස දෙමාපියන් නොව ඇමතිවරයෙකු විසින් පාසලේ යතුරු ලබාගැනීම සඳහා එවන ලද පිරිසක් බවයි.
ඔවුන්ව පාසලට එවන ලද්දේ කුමන අමාත්‍යවරයාදැයි විදුහල්පතිවරයා විමසීමේදී එම පිරිස පවසා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දිලුම් අමුණුගම තමන්ට පාසලට ගොස් එය ශුද්ධ කරන ලෙසට දැනුවත් කළ බවයි.
ඊට අදාළ හඬපටය පහතින්,
ආණ්ඩුවේ දේශපාලඥයින් පාසල් ශුද්ධ කරන මුවාවෙන් දෙමාපියන් ලවා විදුහල්පතිවරුන්ගෙන් පාසලේ යතුරු ලබාගැනීමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන බවට බොහෝ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වේ.
පාසල් සුද්ද කරන්න බන්දුලත් ඇවිත්....

මේ අතර සිසුන් 200ට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් යළි විවෘත කිරීමට රජය විසින් ගත් තීරණය අනුව, හෝමාගම ප්‍රදේශයේ පාසල් වල වර්තමාන තත්වය සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එක්ව සිටියේය.
ලොව පුරා හදිසි තත්වයක් ඇති වීමත් සමඟම වසා දැමුණු පාසල්, යළිත් සිසු දරුවන් වෙනුවෙන් විවෘත කිරීමේ කිරීමට පෙර ඒ ඒ පාසැල් භූමිය හා ගොඩනැගිලි වල පවිත්‍රතා කටයුතු ආදිය සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රදේශයේ සිසු දරුවන්ගේ දෙමව්පියන්, ඒ ඒ පාසල් වන ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් එක්ව සාකච්ඡා කෙරුණු බව අමාත්‍ය වරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
එහිදී අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙලෙස අදහස් පලකලේය.
පුරා වසර 24ක් පමණ පැවති ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් එළඹෙන වසර සඳහා වන අයවැය තුළින් ස්ථිර විසඳුමක් ලබා දීමට රජයේ වගකිවයුතු පාර්ශ්වයන් කටයුතු කරන බව දැනුම් දී තිබියදීත් තවදුරටත් වර්ජනය කරමින් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය අතකොළුවක් කරගත් වර්ජන රැල්ල හුදෙක්ම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදු වන්නක් වන බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ගුරු සංගම් චෝදනා කරන්නේ, මේ වන තෙක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට පවා නිසි ක්‍රමවේදයක් සැකසීමට අසමත්වූ ආණ්ඩුවේ දේශපාලඥයින් දැන් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පුදුම සහගත සෙනෙහසකින් ක්‍රියාකරන බවයි.
(උපුටා ගැනීම - news19.lk)
THE LEADER TV
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි