1200 x 80 DMirror

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 ,
ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
අඩු ආදායම්ලාභීන්ට නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් සදහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පෞද්ගලික සමාගමකට ලබා දී තිබූ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.දුමින්ද සිල්වා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගැනීමට එරෙහිව අදාළ පෞද්ගලික සමාගම ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් අධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කෙරිණි.
 
මෙම ඉඩම් අත්පත් කර ගැනීම නීත්‍යානුකූල ආකාරයට සිදුවී තිබේද යන්න පරීක්ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී තිබෙන නීතිමය කාර්යය යැයි බවට ප්‍රකාශ කරමින් අධිකරණය එම මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 02 වැනිදා විභාගයට ගැනීමට ද දින නියම කෙරිණි.
 
අගවිනිසුරු ජයන්ත ජයසූරිය  සහ ගාමිණී අමරසේකර , ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ 18) සලකා බැලිණි.
 
''ඕක් ස්ට්‍රීට් '' ( Oak Street (Pvt) Ltd) නමැති බ්‍රිතාන්‍ය පෞද්ගලික සමාගම ගොනු කරනු ලැබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , එහි සභාපති , එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන කියා සිටියේ මෙම ඉඩම ලබා ගනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ලබා ගත් බවය.
 
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පර්චස් 214ක කෝටි ගණනක් වටිනා අදාළ ඉඩමට පසුගිය සැප්තැම්බර්  19 දා  මරදාන පොලිසියේ නිලධාරීන් පිරිසක් කඩා වැදුන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම ඉඩම අත්පත්කර ගනු ලැබිය.  
 
 
 
 
 
 
සබැඳි පුවත:
 
 

 
 
 
THE LEADER TV 
 
ඔක්කොම හරි විපක්‍ෂයක් කෝ | මෙණෙරවිලගේ ලියමන 
 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය