ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා
බලශක්ති ඇමති උදය ගම්මන්පිල අතර උණුසුම් කතාබහක් සිදුවුණා කියල ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වෙනවා. 
 
අදාල කතාව සැකෙවින් මෙහෙමයි. 
 
විදුලි බලාගාරවලට ගෑස් සැපයීමේ කොන්තරාත්තුව ඇමෙරිකාවේ නිව්ෆොට්රස් එනජි සමාගමට ලබා දෙන්න බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කැබිනට් මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදිරිපත් කලා. පළමු එක ජූලි මාසයේ. ඒ පත්‍රිකාව ඇමතිවරුන්ට කලින් ලබා නොදී රැස්වීමට එන විට මේසේ උඩ තියල තිබුණා. 
 
ඩලස් හා ගම්මන්පිල ඇමතිවරු ඒකට නිරීක්ෂණ ලබා දෙන්න සතියක් කල් ඉල්ලුවාත් ඒකට ලැබුණේ පැය 24 යි. දෙන්නම තම විරෝධය පළ කරලා නිරීක්ෂණ දුන්නා. 
 
දෙවන පත්‍රිකාව සැප්තැම්බර් මාසයේ. ඒකට අනුමැතිය ගත්තේ අඩුම ගණනේ පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ වත් නැතිව. ඒකට විරෝධය පළ කරලා විමල්, වාසු, ගම්මන්පිල ඇමතිවරු තුන්දෙනාම නිරීක්ෂණ ලබා දුන්නා. 
 
ගම්මන්පිල එතනින් නවතින්නේ නැතුව සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා මේ ගිවිසුමෙන් රටට වුණ හානි හතරක් විග්‍රහ කරලා මුදල් ඇමතිගේ රෙදි ගැලෙව්වා. 
 
1. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩරයක් යන අතරේ ඒකට සහභාගි නොවුණු කෙනෙකුට ව්‍යාපෘතිය ලබා දීමෙන් යහ පාලනයට සිදුවුණ හානිය.
 
2. ඉන්දියාව, චීනය, ජපානය සහ දකුණු කොරියාව කියන ලංකාවට උදව් කරන රටවල් මෙම ව්‍යාපෘතිය ඉල්ලන අතරේ ලංකාවට සතුරුකම් කරන ඇමෙරිකාවට ලබා දීමෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට සිදුවුණ හානිය.
 
3. ලංකාවේ විදුලි බලාගාර වලට ගෑස් සැපයීමේ ඒකාධිකරණය ඇමෙරිකාවට ලබා දීමෙන් බලශක්ති සුරක්ෂිතතාවට සහ ජාතික ආරක්ෂාවට සිදුවුණ හානිය.
 
4. ලංකාවේ ගෑස් නිධි වලින් ගන්නා ගෑස්වලට ලංකාවේ වෙළඳපොළ අහිමි වීමෙන් ලංකාවේ ගෑස් කැණීමට ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමේ වෑයමට සිදුවුණ හානිය... ගම්මන්පිල ඒ මාධ්‍ය හමුවේදී විස්තර කළා. 
 
 
බොහොම කාලයකට පස්සේ ලංකාවේ ගෑස් ටික ගොඩ අරන් රටම ගොඩ දාන්න තමන් හදපු සැලැස්ම මේකෙන් අවුල් වෙනවා කියලා ගම්මන්පිල ඒ මාධ්‍ය හමුවේදී කිව්වා. 
 

  
 
රටේ සමස්ථ පරිසරයෙන් 2050 වන විට ලංකාවේ ඛණිජ තෙල් භාවිතය බස්සන්න 2015 දී ජනපති මෛත්‍රීපාල සිරිසේන පැරිස් ප්‍රකාශනයට අත්සන් කරලා ලෝකයටම පොරොන්දු වුණා. ගෝඨාභය රාජපක්ෂ  2030 වන විට විදුලියෙන් 70% ක්ම පුනර්ජනනීය කරන්න ලෝකයට පොරොන්දු වුණා. නමුත් මේ යෝජනා දෙකටම වැඩපිළිවෙළක් නැහැ. 
 
  
පසුගිය සඳුදා කැබිනට් රැස්වීමට ගම්මන්පිල බලශක්ති ඇමති විදියට මේ සඳහා වැඩපිළිවෙළක් හදන්න ලේකම් කාර්යාලයක් පිහිටුවන්න අවසර ඉල්ලලා.  අවශ්‍ය අරමුදල් ප්‍රදාන විදිහට ලබා දෙන්න රටවල් කිහිපයක් ම කැමතියි කියලත් ගම්මන්පිල කියල. 
 
විෂයට අදාළ විදුලිය, ප්‍රවාහනය, කර්මාන්ත සහ පරිසර ඇමතිවරු මේ වැඩේට එකඟ වෙලා.  එහෙනම් මේක සම්මතයි කියලා ජනාධිපති ගෝඨාභය කැබිනට් ලේකම්ගේ මුහුණ බලල.
 
 
එතෙක් නිහඬව හිටපු බැසිල් ඇමතිතුමා එකපාරටම විරුද්ධ වෙලා. '' ඔය ප්‍රදාන දෙනවා කියන රටවල් විශ්වාස නෑ. අන්තිමට මේකේ බර දරන්න වෙන්නෙත් මුදල් ඇමති විදිහට මටයි''  කියලා බැසිල් ඇමතිතුමා ලොකු ගොරනාඩුවක් දාලා. 
 
  
ගම්මන්පිල ඇමැතිතුමාත් නිකන් ඉඳල නැහැ. ''කාබන් විමෝචනය අඩුකරන්න ඕනෑ තරම් ජාත්‍යන්තර අරමුදල් මට දෙනවා කියන අය දුන්නේ නැත්නම් අපි වැඩේ අල්ලලා දාමු. එතකොට මුදල් අමාත්‍යංශයට ප්‍රශ්නයක් නෑ නේ.'' කියල බැසිල් ඇමතිතුමාගේ කතාවට එකටෙක කියල. 
 
ඒ කතාව ඇහුවහාම දුම්මල වරම අතට ගත්තු කට්ටඩියා වගේ බැසිල් ඇමතිතුමා කෑගහන්න පටන් අරන්.. ''ඔය හදන්නේ ජනාධිපතිගේ ව්‍යාපෘතිය තමන්ගේ කරගෙන ලකුණු දාගන්න. ආණ්ඩුවේ මුදුනා වෙන්න හදන්න එපා. මම කීයටවත් මේකට නම් ඉඩ තියන්නේ නෑ.'' බැසිල් ඇමතිතුමා ආවේශයෙන් වගේ කියාගෙන කියාගෙන ගිහින්.
 
ජනාධිපති තුමත් මුකුත් නොකියා තක්බීර්වෙලා බලාගෙන ඉඳල. මොනවා කියන්නද ?
 
 දැන් අවුරුදු 4 ක් විතර ඉඳන් බැසිල් - ගම්මන්පිල ගැටුම කට්ටියට හුරුයි. වෙනද වගේ සිනහ වෙලා බැසිල්ට සරදම් උත්තරයක් දේවි යැයි කව්රුත් ගම්මන්පිලගෙන් බලාපොරොත්තු වුනත්,  ගම්මන්පිල වාක්‍ය දෙකෙන් වැඩේ ඉවර  කරලා.
 
 '' ජනාධිපතිතුමා ඉලක්කයක් දුන්නාට ලංකාවේ කාබන්හරණය කරන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ. ඒක හදන්නයි මම උත්සාහ කළේ. මුදල් ඇමතිතුමාට ඕනෑ නැති නම් මටත් එපා. මම පත්‍රිකාව ඉවත් කර ගන්නවා''  කියලා ගම්මන්පිල ඇමතිතුමා නිහඬ වෙලා. 
 
(රිපෝටර්)

 

 


 

THE LEADER TV 
 
 
ජනාධිපතිගේ විශේෂඥ වෛද්‍යවරයාට වෙච්ච දෙයක් !
 
 
 
දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්