පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන මාලඹේ ස්ලිට් (SLIIT) හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට පවරා ගැනීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල
ගුණවර්ධන විසින් යෝජනාවක් ඉදිරිපත්කර ඇතැයි වාර්තාවේ. 
 
උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබු මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් උපයාගැනීමේ අරමුණින් යුතුව ආරම්භකර තිබු ස්ලිට් ආයතනය පවරාදීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මිට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර තිබිණ.
 
මෙම පවරාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසන් සභාවක්ද පත්කර තිබු අතර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් ද පසුගියදා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කර තිබිණ. 
 
 ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජිකයකු පැවසුයේ, මෙම පවරා දීමේදී දුෂිත ගනුදෙනුවක් සිදුව ඇතිබවට අනාවරණය වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියේය. 
 
 
#savesliit :SLIIT එකේ ලාබයට මාන බලන බලවතුන් කවුද? 
 
 
මේ අතර මාලබේ SLIIT ආයතනය රැකගැනීම සඳහා යැයි කියන සමාජ මාධ්‍යය මෙහෙයුමක් ද මේවනවිට ආරම්භවී තිබේ.
 
 #savesliit - SLIIT එකේ ලාබයට මාන බලන බලවතුන් කවුද? යන තේමාවෙන් යුතුව එම මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ, ලෝකය පුරා සිටින SLIIT උපාධිධාරීන්, සිසුන්, දෙමාපියන් පිරිසකගේ මැදිහත්වීමෙනි.
 
  
ලබන ලාබය සාක්කුවේ දාගන්නේ නැතිව නැවත ආයෝජනය කරන SLIIT ආයතනයේ මුදල්වලට මාන බලන බලවත් දේශපාලකයෙක් සහ නිළධාරීන් පිරිසක් SLIIT ආයතතනය විනාශයට දක්කන්නට යන බව #savesliit පවසයි. 
 
 
 #savesliit  විසින් ප්‍රකාශිත සමාජ මාධ්‍ය සටහනක මෙසේද සඳහන් වේ.
 
246034439 1244661182707496 5633608614769299210 n242334116 4398195123632769 7292508007198390406 nslitt
 
 
මහපොල අරමුදලෙන් ලබාගත් ආයෝජන ණයක් මත 1990 දශකයේ අග භාගයේදී ස්ථාපිත කරන ලද SLIIT ආයතනය, එම සියලුම ණය මුදල් ආපසු ගෙවීමෙන් පසුව 2017 වසරේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකින් පසුව, ලාබ නොලබන පුද්ගලික ආයතනයක් ලෙස නිත්‍යානුකූලව හඳුනාගෙන තිබේ. 
 
නමුත් මෑතකදී, නැවතත් SLIIT ආයතනය මහපොලට පවරාගත යුතු බව පවසමින් කෝප් කමිටු වාර්තා දෙකක්, පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද අතර නුදුරේදීම ඒවා විවාදයට ගැනීමට නියමිතය. 
 
 
වැඩි පිරිසකට ලාබදායී මුදලකට උපාධි ලබාදෙන්නට යැයි පවසමින්, ඔවුන් මේ උත්සහ කරන්නේ, ලාබය කොල්ලකෑමට බව #savesliit  සඳහන් කරයි.
 
 
දැනටමත් ඉතාමත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදෙමින්, ජාත්‍යන්තර සිසුන්ට පවා අධ්‍යාපනය ලබා දෙන මෙම ආයතනය, කෙටි කලකින් දේශපාලකයින්ගේ සාක්කු පුරවන පාඩු ලබන ආයතනයක් වනු  ඇති බවට ඔවුන් පුරෝකතනය කරයි.
 
මාලඹේ SLIIT ආයතනයටත් සතොසට වූ දේ සිදුවන බවත්, එම ආයතනය බේරාගැනීමේ මෙහෙයුම වශයෙන් #savesliit  මෙහෙයුම ක්‍රියාත්මක වේ.
 

THE LEADER TV 
 
අංඥකොරෝස් වෙන්න ළගයි අයින් කරලා දාන්න. | ස, ගේ දැනගැනීම පිණිසයි 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්