අධිකරණයේ අවසරයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම WhatsApp ඇමතුම්වලට සවන් දී ඇතැයි, පාඨලී චම්පික රණවක (PCR ) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අද හෙළි කළේ ය.
මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අවස්ථාවේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමේදී 2018 සහ 2019 වසරවලදී ඔවුන් තමාගේ දුරකතන සංවාදවලට සවන් දී ඇති බව තමන්ට ප්‍රකාශ කළ බවයි.
 
දුරකත සංවාද සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ගත යුතුව තිබුණ ද , මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂවරයා ඔවුන්ට ඒවා ලබා දුන් බව අදාළ නිලධාරීන් පැවසූ බවයි.
 
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ දුරකතන සේවා සැපයුම්කරුවන් තම පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝණය කර ඇති බව මන්ත්‍රීවරයා කියා සිටි මන්ත්‍රීවරයා, කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාළ දුරකතන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා මූලික පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
 
 
 
පෙගසස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබේ ද? 
 
තව ද තවත් සුවිශේෂි කරුණක් සභාවේ විශේෂ අවධානයට ලක් කරවමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ, සාමාන්‍ය දුරකතන ඇමතුමක් නොවන වට්ස්ඇප් ඇමතුමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සවන්දුන්නේ කෙසේ ද යන්නයි.
 
මන්ත්‍රීවරයා කියා සිටියේ, දත්තයක් ලෙස යන වට්ස්ඇප් ඇමතුම් හරහා සංවාද සිදු කළේ කා සමග ද යන්න‍ දැන ගැනීම දුරකතන සමාගම්වලට සාමාන්‍ය තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතිය යටතේ සිදු කළ නොහැක්කක් බවයි.
 
එසේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස වට්ස්ඇප් ඇමතුම්වලට සවන් දීමට හැකියාව ලැබෙන්නේ, යම් සුවිශේෂි තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබුණොත් පමණක් බව ද මන්ත්‍රීවරයා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ ය.
 
පසුගිය සමයේ ප්‍රංශ ජනපති, ඉන්දීයාවෙ රාහුල් ගාන්ධි වැනි ලොව ප්‍රධාන පුද්ගලයිනගේ වට්ස්ඇප් පණිවුඩවලට පවා ඒ ඒ රජයන් හෝ වෙනත් විදේශ රජයන් ඇහුම්කන් දී බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
 
පෙගසස් නමින් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලද තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබේ ද එසේ නැති නම්, සාමාන්‍ය ඇමතුමක් නොවන වට්ස්ඇප් ඇමතුමක් පිළිබඳ තොරතුරු ඔවුන් දැන ගත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් කරන ලෙස මන්ත්‍රී පාඨලී චම්පික ඉල්ලා සිටියේ ය.
 
 
(NEWS1ST)
 
 

 

 
THE LEADER TV 
 
අංඥකොරෝස් වෙන්න ළගයි අයින් කරලා දාන්න. | ස, ගේ දැනගැනීම පිණිසයි 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්