වැඩ කරන ජනතාවගේ සුභ සාධනය හා යුක්ති සහගත අයිතීන් කප්පාදු කළ ආණ්ඩුවට පහරදීම සඳහා  ශක්තිමත්ව සංවිධානය වන ලෙස දිවයිනේ
ජ්‍යෙෂ්ඨතම වාමාංශික නායකයෙක් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
 
"අද අපිට වැඩ කරන ජනතාවට දෙන්න තියන අපේ පනිවිඩය තමයි සම්පුර්ණයෙන් සංවිධාන වෙන්න. ඔගොල්ලන් දැන් පටන් අරන් තියන වැඩ වර්ජන, පහරදීම්, ආණ්ඩුවට එල්ල කරලා තියන බලපෑම්, වහාම ශක්තිමත් කර ගන්න. තමන්ගේ ආරක්ෂාවට තිබිය යුතු කටයුතු සියලු දේ සංවිධානය කර ගන්න කියලා කියනවා."
 
නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඒ බව සදහන් කළේ ඔක්තෝබර්  21 වැනි දින එම පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
 
 
මේ වන විට චීන ආර්ථිකය කඩා වැටී ඇති බව ජාත්‍යන්තර වශයෙන්ම වාර්තා වී ඇතැයි  පවසන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පෙන්වා දෙන්නේ එහි බලපෑම අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව වෙත එල්ල වන බවයි.
 
 
"මොකද මේ ආණ්ඩුව ආව කාලේ ඉදලම ඒ ගොල්ලෝ උත්සාහ කළේ චීනයේ ආධාරවලින් ඉදිරියට යන්න පුළුවන් කියලා වැඩ කරන්න. ඒ නිසා විශාල උත්සාහයක් ගත්තා, ඒ ගොල්ලෝ චීනය ආයෝජකයන් හා ලබා ගන්න පුළුවන් දේවල් ලබා ගන්න පුළුවන්ද කියලා."
 
චීන ආධාර ලබා ගනිමින් රටේ ක්‍රියාත්මක වු යුක්ති සහගත, සාධාරණ රාජ්‍ය කුඩු පට්ටම් කර එයට ඉහළින්  වෙළෙඳ  සමාජයක් බිහිකිරීමට ආණ්ඩුව උත්සාහ කළ බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
 
Wikramabahu 
 
එවැනි තත්වයක් යටතේ ආණ්ඩුවට  මුහුණ දීම සදහා සෑම සංවිධානයක්ම සුදානම් විය යුතු බව අවධාරණය කරන වාමාංශික නායකයා තව දුරටත් සදහන් කළේ මේ වන විට මෙරට තුළ ආරම්භ කර තිබෙන වෘත්තිය අරගල තවත් ශක්තිමත් ලෙස ඉදිරියට යෙන යා යුතු බවයි.
 
 
"දැනට වැඩ කරන ජනතාවගේ ස්ට්‍රයික් එකක් තියනවා, අධ්‍යාපන අංශයෙන් පටන් අරගෙන. ඒක දිගට නොයෙකුත් අංශ වලට ගලාගෙන ගිහිල්ලා තියනවා. ඒක ශක්තිමත් කරගන්න ඕනේ. ඒ සටන ඉදිරියට ගෙනි යන්න ඔන. ඒ වගේම අනිත් පැත්තෙන් ගොවියගේ පැත්තෙන් අද ගොවියෝ පාරට බැහැලා විශාල වශයෙන්. ගොවියාගේ සුභසාධනය කපලා. ඒ ගොල්ලන්ට ආහාර වෙලටත් වඩා වටින පොහොර ටික ඒ වගේම අනිත් අදාල දේවල් ලබා ගැනීම සදහා ඒ ගොල්ලන්ට තිබිච්ච ඉඩකඩ, සාධාරණ ඉඩකඩ කඩාකප්පල් කරලා තියනවා."
 
එවැනි ආණ්ඩුවකට  ජනතාවගේ සුභසාධනයක් ගැන කතා කිරීමට අයිතියක් නොමැති බව පෙන්වා දෙන මහාචාර්යවරයා තව දුරටත් අවධාරණය කළේ  වැඩ කරන ජනතාවගේ  සාධාරණය, සුභසාධනය,  යුක්ති සහගත අයිතිය දිනා ගැනීමේ සටන ඇරඹී ඇති බවයි.
 
 
චීන ආර්ථිකයේ පිපිරීමත් සමග එම අරගලය තව දුරටත් ඉදිරියට පැමිණෙනු ඇති බවයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.
 
 
"ඉතින් එම නිසා අපි ඉල්ලා සිටින්නේ හැම තැනකින්ම හැම කෙනෙක්ගෙන්ම අපි දැන් මුහුණ දෙන විශාල අර්බුදකාරී පරිසරය ඉදිරියේදී ජනතාව ශක්තිමත් කරලා ඉදිරියට ගන්න පුළුවන් වැඩ කොටසක් කරන්න කියලා අපි ඉල්ලනවා. වෘත්තිය සමිති වලට සාධාරණය සදහා වැඩකට කතා කරන අනිත් නායකයන්ගෙනුත් අපි මේක ඉල්ලනවා."  ඔහු සදහන් කළේය.
 
දේපල වෙළෙඳපල මන්දගාමී වීම සහ බලශක්ති සැපයුම පහතවැටීම නිසා ඉකුත් මාස තුන තුල චීන ආර්ථිකයේ වර්ධනය වසරේ අඩුම වේගය බව්වට පත්වී ඇත. ජාතික සංඛ්‍යාලේඛන බියුරෝව විසින් මේ සතිය මුලදී නිකුත් කළ දත්ත අනුව ජූලි සහ සැප්තැම්බර් අතර දළ ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය සියයට 4.9 කි. ජූනි මාසයෙන් හමාර වූ තුන් මාසය තුල එය සියයට 7.9ක් වී තිබුණි.
 
චීන ආර්ථිකයේ කඩා වැටීම නිසා, චීන ආධාර සහ ණය මත යැපුන ලංකාවේ ආණ්ඩුවේ ගමන තවදුරටත් අර්බුදයට යන බවයි මහාචාර්යවරයා පවසන්නේ.
 
"මොකද මේ ආණ්ඩුව දැනටමත් අර්බුදකාරී තැනක හිටියේ. විශාල වශයෙන් ඒ ගොල්ල ලබා ගන්න හිටිය ආධාර උපකාර චීනයේ ආධාර ඒ වගේම අනිත් ආධාර කොයි විදිහටද දැන් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක මේ අලුත් පරිසරය උඩ අපිට සිහි කල්පනාවට ගන්න වෙනවා."
 
එවැනි තත්වයක් තුළ ආණ්ඩුව ඉදිරියට යන්නේ කෙසේදැයි තව දුරටත් ප්‍රශ්න කළ මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අවධාරණය කළේ වැඩ කරන ජනතාව විශාල පෙරලියකට සුදානම් විය යුතු බවයි.
 
"කොහොමද ඔයගොල්ලෝ ඉදිරියට යන කතාව කියන්නේ දැන් කියලා අපිට අහන්න වෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා  අපි අනිවාර්යෙන්ම විශාල පෙරලියක් සටහන් කරන්නට වෙනවා. මේ ඉදිරියේදී කියන එක කියලා අපි කතා කරනවා. ජනතාවට සංවිධානය වෙන්න. යටත් වෙන්න එපා. අපි සටන් කරමු.ගොවියා, කම්කරුවා, අපි ඉදිරියට දාලා ඉස්සරහට යන ගමන අපි යා යුතුයි."
 
 
 

THE LEADER TV 
 
හොරුන්ට රෙද්දෙ ගිය ගුරු සටන | මොණරවිලගේ ලියමන
 
 
විමල්ට බැසිල්ගෙන් විශේෂ සැලකිලි ! | The Leader TV | Gossip
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්