නෑනෝ නයිට්‍රජන් න් ආනයනය කිරීමේදී ආනයනය කරන ආයතනය සම්බන්ධයෙන් සහ එම  බැංකු ගිණුමට මහා භාණ්ඩාගාරය අනුමැතිය සහිතව කොමර්ෂල් පොහොර සමාගමෙන් මුදල් තැන්පතු කොට මෙම ඇනවුම
ඉන්දියාවේ ඉන්දියාවේ IFFCO සමාගමට මුදල් ගෙවීම සම්බන්ධව සමාජජාලා මගින් සහ පුවත්පත් මගින් පළ කරන ලද තොරතුරු නිවැරදි නොවන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වරයාගේ උපදේශක පවසයි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, ''පෝර මගඩි : 'පී.බී. ගේ අරුම පුදුම වැඩක් - පුද්ගලික ගිණුමකට සල්ලි ගිහින්' !'' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' හි ඊයේ (22) පළවූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි. 
 
 
 කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සම්පත් ගජධීර විසින් අදාල පුවතට සම්බන්ධයෙන් කර ඇති පැහැදිලි කිරීම 'පිළිතුරු දීමට ඇති අයිතිය' යටතේ කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත. 
 
 
'' IFFCO යනු  ඉන්දියානු ගොවි පොහොර සමුපාකාර  සංගමයයි. මිලියන 65ක් පමන් ඉන්දියානු  ගොවීන් මෙම සමුපාකාර සමිතිය  සාමාජිකත්වය දරනු ලබයි. ශාඛා 36 දාහක් පමණ මෙම සමුපාකර සමිතිය මගින් පාලනය වේ.
ඉන්දියාවේ පොහොර ලබා ගන්නා ගොවීන් 4 දෙනෙක්ගෙන් එක් අයෙකු අනිවාර්‍යයෙන්ම මෙම ඉන්දියානු පොහොර සමුපාකාර සමිතිය නිෂ්පාදිත පොහොර ලබා ගන්නා සාමාජිකයෙකි. 
 
දකුණු ආසියාවේ විශාලම සැබෑ ගොවීන් ගේ සාමාජිකත්වයෙන් ගොඩනැගුණු  පොහොර නිෂ්පාදනය කරන ආයතනය  IFFCO සමුපාකාර සමිතියයි. එහි ප්‍රදාන කාර්‍යලය නවදිල්ලියේ පිහිටා ඇත.
 
 163422116 792258291382766 5546940919784552769 n

''කෝවිඩ්  වසංගතයත් සමඟ ලොව පුරා ඇති වෙන ආහාර අර්බුදය වෙනුවෙන් මැදිහත් වෙන මෙම ඉන්දියානු පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ගේ සමුපාකාර සමිතිය ලංකාව තුළ ඔවුන්ගේ සංවිධාන කටයුතු හා සම්බන්ධතා ගොවීන් සමග සම්බන්ධීකරණය කිරීම සඳහා  'යුනයිටඩ්  ෆාර්මර්ස් ට්‍රස්ට්'  සමාගම සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.'' - උපදේශක, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ
 
එම Uited Farmers Trust Ltd සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙක් වන්නේ ශ්‍රී ලංකා ඉන්දියානු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු තවත් එවැනි සංවිධාන තුනකි.
 
ලංකාවේ ගොවීන් ශක්තිමත් කිරීමට corvid සමග  ඇතිවිය හැකි ආහාර අර්බුදයට ගොවීන් සූදානම් කිරීමට සහ පුහුණු කිරීමට සහනාධාර ලබාදීමට මෙම ඉන්දියානු ගොවි පොහොර නිෂ්පාදන සමාගම (IFFCO) ලංකාවේ ගිවිසුම්ගත united farmas Trust ආයතනය එහෙමත් නැත්නම් එක්සත් ගොවි භාර සමාගම සමග සමග ගිවිසුම් ගත වී තිබේ.
 
 
 
එම ගිවිසුම් ගත කරුණු වලට යටත්ව මෙම IFFCO ආයතනය එහෙමත් නැත්නම් ඉන්දියානු ගොවීන්ගේ පොහොර නිෂ්පාදනය කරන සමුපාකාර සමිතිය ශ්‍රී ලංකාවේ ගොවීන්ට මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ලබාදෙන්නේ ඉන්දියාවේ ගොවියන්ට ලබාදෙන සහනාධාර මිලටම ය.
 
 
 
එම සහනාධාර මිල සහිතව අඩු මුදලකට මෙම පොහොර ලංකාවට ගෙනැවිත් අපේ ගොවියන්ට ලබාදීමට නම් මෙම ඇනවුම් ම ඉන්දියාවේ පොහොර නිෂ්පාදන  සමුපකාරය ආයතනයට එහෙමත් IFFCO ආයතනයට  
ලබා දිය යුත්තේ එම ආයතනය සමග ගිවිසුම් ගත එක්සත් ගොවි භාර සමාගමයි.
 
එසේ නොමැතිව වෙන යම් පුද්ගලික ආයතනයකින් හෝ රජයේ ලියාපදිංචි පොහොර සමාගම් දෙක මගින් හෝ මෙම ඇනවුම් ම ඉන්දියානු ගොවීන්ගේ පොහොර නිෂ්පාදන සමුපාකාර ආයතනයට එහෙමත් නැත්නම් IFFCO ආයතනයට ලබා දුනහොත් මෙම පොහොර සහනාධාර මිලට ගැනීමට නොහැකි වේ.
 
එසේ වෙනත් ආයතනයකින් ඇනවුම් කළ හොත් මෙහි බෝතලයක මිල ඇමරිකානු ඩොලර් විසි දෙකක් පමණ වනු ඇත. නමුත් මෙම nano nitrogen දියර  පොහොර තොගය මේ වන විට සහනාධාර සහිතව ලබා දී ඇත්තේ බෝතලයක නැව් ගාස්තු සහ අනෙකුත් වියදම් සහිතව ලංකාවේ වරායට ඇමරිකානු ඩොලර් 12.45 ක මුදලකට ය. 
 
එම නිසා රජයේ පොහොර සමාගමවලට සෘජුවම මෙම ආනයන කටයුතු සිදු කළ නොහැකි නිසා එම සමාගමෙන් දේශීය ඇනවුම්ක් සහ දේශීය ණයවර ලිපියක්  මෙම එක්සත් ගොවි භාරය සමාගමට එහෙමත් නැත්නම්
United farmers trust Ltd ආයතනයට ලබා දී ඒ මගින් මෙම පොහොර ආනයනය කිරීමට කටයුතු සිදු කරන ලදී.
 
මෙම සිදුවීම සහ මෙම ගනුදෙනුව ගැන හරියාකාරයෙන් තොරතුරු නොදන්නා සමාජ මාධ්‍ය සහ සමහර පුවත්පත් රටට වැරදි මතයක් වපුරා ඇත . එම තොරතුරු නිවැරදි කරගන්නා ලෙස මේ මගින් කරුණාවෙන් දන්වා සිටිමි.''
 
(උපුටා ගැනීම අවසන් )
 
Lalaitha FB 1
                                                                      (සමාජ මාධ්‍යයේ පළවු පොස්ටුවකි)
අරුණ කර්තෘ රහස් පොලිසියට කැඳවයි 
 
 
 
මේ අතර "ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් "සති අග අරුණ" පුවත්පතේ පළ කර ඇති වාර්තාව සමබන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් පොලිස්පතිවරයාට කල පැමිණිල්ලකට අනුව එම පුවත්පතේ කර්තෘ ජේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම හා එම පුවත් සම්පාදනය කළ මාධ්‍යවේදී උදයජීව ඒකනායක අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබිණ. 
 
එහිදී ඔහු පවසා ඇත්තේ එම පුවත පලකරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ සිදුකළ අනාවරණයක් පාදකකර ගනිමින් බවයි.
 
“සති අග අරුණ” පුවත් පත ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරට අයත් 'දෙරණ' මාධ්‍ය ජාලයට අයත් පුවත්පතකි.
 
පාර්ලිමේන්තුව අමතමින්  විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.
 

 
 
සබැදි පුවත් :
 
 
 
 
 
 
THE LEADER TV 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
ජනාධිපති ආර්යාව බයෙන් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්