මේ වනවිට රට තුළ උද්ගතව ඇති පොහොර ප්රශ්නය තමන්ටද බලපා ඇති බවත් තමන්ගේ තේ වත්තටද සුදුසු පොහොර නොමැති කමින් අලාභහානි සිදුව
ඇති බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පෙරේදා (22) පාර්ලිමේන්තුවේ පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී සඳහන් කර තිබේ.
පොහොර සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති තීන්දුව වැරදි බවත් එය කළ නොහැකි බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර ඇත.
සියලු දෙනාම එක්වී මෙම පොහොර ප්රශ්නය පිළිබඳව සඳහන් කර ජනාධිපතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කළ යුතු යැයි එහිදී රාජ්‍ය ඇමති විදුර වික්රමණායක විසින් යෝජනාවක්ද සිදු කර තිබේ.
තමාට මේ විනාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරදීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කතානායක ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
මේ බව අනාවරණය වූයේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකවදී ජවිපෙ නායක අනුර දිසානායක සිදු කළ අනාවරණයකිනි.
එහිදී ජවිපෙ නායකයා තවදුරටත් මෙසේද පැවසිය.
“පසුගිය 22වෙනිදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට ආවා. මේ තීන්දුව වැරදි බවත් එය ක්‍රියාත්මක කළ නොහැකි බවත් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා.
කතානායකවරයාත් පවසා තිබෙනවා ඔහුගේ තේ වත්තට අලාභහානි සිදුවෙලා කියලා. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු අත්සන් කරලා පෙත්සමක් ජනාධිපතිට යවමු කියලා. ඒකයි ඇත්ත තත්වය.
ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස හිතුවක්කාරී තක්කඩි තීන්දු ගනිමින් ඉන්නවා. ඒ නිසා මේ විනාශකාරී තීරණය වෙනස් කරන්න ඕනෑ.
කාබනික පොහොර වගාවට කවුරුත් අකමැති නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් වන්නේ ඒ සඳහා අවම වශයෙන් වසර 10ක් ගත වෙන බව. ඒ සියල්ල අත්හැර තමයි ජනාධිපතිවරයා මේ අමනෝඥ මුග්ධ තීරණය අරගෙන තිබෙන්නේ.
ඔහු ඇතැම් දේ වෙනස් කරමින් තිබෙනවා. කෘෂිනාශක සහ වල්නාශක ගේනවීමට අවසර දෙනවා. ඒ නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය හා ගොවි ජනතාවගේ ජීවිත ගැන හිතලා මේ ඇති වී තිබෙන අර්බුදයට පිළියම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳව වැඩි අවධානයක් ලබාදිය යුතුයි.”
THE LEADER TV
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි