රාජා කොල්ලුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ, අද (24) පක්ෂ මූලස්ථානයේදී රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවට දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් සම්මත කිරීමෙන් රාජා කොල්ලුරේ එලෙස සභාපති ධුරයෙන් ඉවත් කළ බවයි.
වයඹ ආණ්ඩුකාරධූරය ද දරන කොල්ලුරේ ඉකුත් දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩවර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළේය.
කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ද ලක්විය.
කොල්ලුරේ ගේ එම ප්‍රකාශය කොමියුනිස්ට් පක්ෂය ද හෙළා දැක තිබූ අතර එම ප්‍රකාශය නිසා ඔහු පක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි ද වාර්තා වෙයි.
පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද ඒම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
කෙසේ වෙතත් ඔහුගේ සාමාජිකත්වය තවදුරටත් පවතිනු ඇත.
THE LEADER TV
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි